ඔක්සිජන් රැගත් ශක්ති නැව අද අලුයම  චෙන්නායි වරායෙන් පිටත් වෙයි…

ඉන්දීය රජයෙන් ඇණවුම් කළ සායනික ඔක්සිජන් තොගය රැගත් ‘ශක්ති’ නෞකාව අද (20) අළුයම චෙන්නායි වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වූ බව ශ්‍රී ලංකා නාවික  හමුදාව නිවේදනය කරයි.

නැවට ඔන්සිජන් ටැංකි පටවන අයුරු

ඔක්සිජන් තොගයක් රැගත් ඉන්දීය නාවික හමුදාවට අයත් සංග්‍රාමික යුද්ධෝපකරණ සහ සැපයුම් ප්‍රවාහන ‘ශක්ති’ නෞකාව ද, ඉන්දියාවේ විශාඛාපට්නම් වරායෙන් ඊයේ (19) රාත්‍රියේ ශ්‍රී ලංකාව බලා පිටත් වූ බවද එම නිවේදනයේ දැක්වේ.

එම නෞකාව ලබන ඉරිදා හෝ සඳුදා කොළඹ වරායට සේන්දු වීමට නියමිතව තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දීය රජයෙන් ඇනවුම් කළ සායනික ඔක්සිජන් නාවික හමුදාව මඟින් මෙරටට රැගෙන ඒමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න   ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල් කරම්බීර් සිං   සමඟ සෘජුව සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දෙරටේ නාවික හමුදා අතර ඇති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින් ඉන්දියානු නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව ද මෙරටට සායනික ඔක්සිජන් රැගෙන ඒම සඳහා එක්වූ බවත් නාවික හමුදාව කියයි.

 

Exit mobile version