ඔක්සිජන් මට්ටම අඩු කොවිඩ් රෝගියෙකුට කළ සුසුම්නා සැත්කම….

ගසකින් ඇද වැටී සුසුම්නාවට බරපතල හානි සිදුව තිබූ කොවිඩ් ආසාදිත හැට හැවිරිදි  පුද්ගලයෙකුට නිර්වින්දනය කළ නොහැකි තරමට ශරීර ඔක්සිජන් මට්ටම දැඩි අවදානමක තිබිය දී සාර්ථක සැත්කමක් කිරීමට මහනුවර ජාතික රෝහලේ විකාලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුනන්ද උඩගෙදර   ඇතුළු කණ්ඩායමක් සමත්ව තිබේ.

මෙම දිනවල කොවිඩ් අවදානම තිබෙන බැවින් සැත්කමකට භාජනය කිරීමට ප්‍රථම සෑම රෝගියෙකුම  ඇන්ටිජන් පරීක්ෂණයකටත් එහි ප්‍රතිපල අනුව කොවිඩ් ආසාදිත බව තහවුරු වුවහොත් පී.සී.ආර් පරීක්ෂණයකටත් භාජනය කරන බව කී විශේෂඥ උඩගෙදර   අදාළ රෝගියාට  කොවිඩ් ආසාදනය වී තිබෙන බව පරීක්ෂණ දෙකෙන්ම තහවුරු වූ බවද ප්‍රකාශ කළේය.

Dr-Sunanada-Medagedara

සාමාන්‍යය තත්ත්වයේ පසුවන රෝගියෙකුට සුසුම්නාවේ සැත්කමක් කිරීම එතරම් විශේෂ කාරණයක් නොවන නමුත් මෙම රෝගීයාට කොවිඩ් ආසාදනය වී තිබීමත් සමඟ ඔහුගේ ශරීරයේ ඔක්සිජන් ප්‍රමාණය සියයට අසූව ක් පමණ දක්වා පහත බැස තිබියදී නිර්වින්දනය කර සැත්කම සිදු කිරීම අති විශේෂ කාරණයක් බව විශේෂඥ වෛද්‍ය සුනන්ද උඩගෙදර අප කළ විමසුමක දී පැවසුවේය.


පැය තුනක පමණ කාලයක් ගතව තිබෙන මෙම සැත්කමට විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙකු ඇතුළු හය දෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායමක් සම්බන්ධ වී ඇත.

මෙසේ සැත්කමට ලක් කර ඇත්තේ ඉණිමගක ආධාරයෙන් කොස් ගෙඩියක් කැඩීමට ගොස් ඉන් ඇද වැටී සුසුම්නාවට බරපතල හානි සිදුව කෑගල්ල රෝහලට ඇතුළත්  කිරිමෙන් පසු මහනුවර ජාතික රෝහලට මාරු කර එවූ පුද්ගලයෙකුටය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය 07 දින සැත්කමට භාජනය කරන ලද මෙම පුද්ගලයා මේ වන දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ තත්ත්වය දැන්   සාමාන්‍යය අතට පත්වෙමින් තිබෙන ඔහු  පැවසුවේය.

Exit mobile version