කිසිම එන්නත් මාත්‍රාවක් නොගෙන ස්වකීය විශ්ව ශක්තිය හා කුණ්ඩලිනී ශක්තිය පිළිබඳව පමණක් විශ්වාසය තැබූ ප්‍රකට වෙදැදුරු එළියන්ත වයිට් කොවිඩ් ආසාදිතව රෝහල්ගත කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකය වෙත යොමු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
මේ වනවිට ඔහු ඔක්සිජන් මත යැපෙන තත්වයේ පසුවන බව ද හෙළි දරවු වේ.
එළියන්ත වයිට් කුණ්ඩලිනී ශක්තිය මුදා හරිමින් ඉන්දියාවේ පැතිරී ගිය මාරාන්තික කොවිඩ් තත්වය පාලනය කිරීමට ඉදිරිපත් විය.
ලංකාවේ කොවිඩ් උවදුර මග හැරීමට ශාන්ති කර්ම ගණනාවක් කළේය.
ඔහු රටේ නම ගිය ප්‍රභූවරුන් ගණනාවකට විශ්ව ශක්තියෙන් ප්‍රතිකාර කළ අයෙක් බව ප්රකටය.