එස්එස්පීගේ දුව පැදවූ සුපිරි ජීප් රිය කොළඹ හතේ කාර් සේල් එකකට කඩා වදී

කොළඹ 07 නිදහස් මාවතේ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට නිදහස් මාවතේ පිහිටි නන්දා මෝටර්ස් රථවාහන ප්‍රදර්ශනාගාරයට අද සවස කඩා වැදුණු සුඛෝපබෝගී ජීප් රථයක් හේතුවෙන් එම ප්‍රදර්ශනාගාරයට සහ එහි විකිනීමට තබා තිබූ රථවාහනවලට බරපතල හානියක් සිදුව තිබේ. මෙම ජීප් රථය පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධ්කාරීවරයකුගේ දියණියක විසින් පදවා ඇති අතර ඇයට රියදුරු බලපත්‍රයක් පවා නොමැති බව සිදු කෙරුණු මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

නන්දා මෝටර්ස් ආයතනයේ වාහනවලට සිදුව ඇති අලාභය රුපියල් කෝටි 6ක් පමණ වන බව පැවසෙන අතර මෙම තරුණිය රිය පදවන විට මත් පැන් පානය කර සිටියේද යන්න පිළිබඳවද පරීක්ෂණවලට යොමු කොට ඇතැයි ලංකාසරට කරුණු අනාවරණය කළ පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වාහනයේ ගමන් ගත් හෝ එම ස්ථානයේ සිටි කිසිවකුට අනතුරක් සිදු නොවීය. පොලිස් අරංචි මාර්ග පවසන්නේ පසුගිය වසරේදී ගාලු පාරේ දී යතුරු පැදියක ගමන් ගනිමින් සිටි බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මරු මුවට පත් කරමින් ජීප් රථයක් අනතුරකට ලක් කළ තරුණයාද මෙම පොලිස් නිලධාරියා ගේ පුත්‍රයා බවයි. මේ වනවිට මේ සම්බන්දවෙන්ද අධිකරණයේ නඩු කටයුත්තක් පවතී.


Exit mobile version