එවරස්ට් කඳු මුදුනේදී අලුත්වූ වාර්තා දෙක

everest

හොංකොන් හී කඳු නගින්නියක් සහ ඇමරිකා එක්සත් ජනපදයේ කඳු නගින්නෙකු එවරස්ට් කඳු මුදුන තරණය කරමින් නව වාර්තා දෙකක් තැබීමට සමත්ව තිබේ.

ඒ අනුව හොංකොන්හී වෙසෙන 45 හැවරිදි සැන්ග් යින් හනග් අඩුම කාලයකින් එවරස්ට් කඳු මුදුන තරණය කළ කාන්තා බවට පත්ව ඇත. ඇය කඳු මුදුන තරණය කිරීමට ගත්කර ඇත්තේ පැය 26කට අඩු කාලයක්.
මේ අතර හැත්තෑ පස් හැවරිදි (75) ඇමරිකානු ජාතික ආතර් මියුර් එවරස්ට් කඳු මුදුන තරණය කළ වයස්ගතම ඇමරිකානු ජාතිකයා බවට පත්ව තිබේ. ඔහු ඉකුත් ඉරිදා අඩි 29,031 උස ලොව උසම ස්ථානයට ලඟා වීමට සමත්ව ඇත.

මීට පෙර එම වර්තාවට හිමිකම් කියා ඇත්තේ 67 හැවරිදි වියේදී එවරස්ට් තරණය කළ බිල් බර්ක විසින්ය.
කෙසේ වෙතත් එවරස්ට කඳු මුදුණ තරණය කළ ලොව වයස්ගතම පුද්ගලයාගේ වන්නේ වර්තාවට හිමිකම් කියනු ලබන්නේ 80 හැවරිදි වියේදී කඳු මුදුන තරණය කළ ජපන් ජාතික යුචිරෝ මියුරා විසිනි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හොංකෝ හී හන්ග් එවරස්ට් කඳු පාමුල පිහිටි කඳවුරෙන් සෙනසුරාදා පසුවරු 1.20ට ගමන් ආරම්භ කර ඇති අතර ඇයි පසුදා සවස 3.10ට කඳු මුදුනට ලඟා වීමට සමත්ව තිබේ.
ඇය විසින් බිඳ හෙළා ඇත්තේ මීට පෙර නේපාල ජාතික කාන්තාවක් වන Phunjo Jhangmu Lama විසින් තබා තිබූ වාර්තාවයි. ඇය 2017 වර්ෂයේදී පැය 39යි මිනිත්තු 6කින් එවරස්ට් කඳු මුදුන තරණය කිරීමට සමත්ව තිබිණි.

Exit mobile version