එල්.ටී.ටී.ඊ. චිත්‍රපට විකිණූ නුවරඑළිය ව්‍යාපාරිකයා අත් අඩංගුවට…

Methagu

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජීවන චරිතය අලලා නිපදවන ලද ඉන්දීය දෙමළ චිත්‍රපටයක් අන්තර්ජාලයෙන් බාගත කර අළෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම්පොළේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් නුවරඑළිය කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් විසින් ඊයේ (17) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයාටම අයත් නුවරඑළිය කාර්ගිල්ස් ගොඩනැගිලි සංකීර්ණයේ පිහිටි වෙළෙඳසැළක ද මේ ආකාරයටම අදාළ චිත්‍රපටය රුපියල් 50.00 ක මුදලක් ගෙන පෙන් ඩ්‍රයිව් වලට දමා දෙන බවට තොරතුරු හෙළිව ඇත.

ඒ සම්බන්ධව පරීක්ෂණ කළ පොලීසිය එහි සේවකයෙකු ද ඊයේ (18) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් දෙදෙනා නුවරඑළිය හාවාඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

මහජන ආරක්ෂාවට හානිවන වීඩියෝ ළඟ තබා ගැනීම යන චෝදනාව යටතේ සැකකරුවන් දෙදෙනා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version