එන්නත් 13000ක් හොර පාරෙන් ගත් GMOA එන්නත්කරණ ජාතික වැඩපිළිවෙළක් හදයි…

එන්නත් කරණය සම්බන්ධ සියලු විද්‍යාත්මක මූලධර්ම හා සදාචාර අනුමිතීන් උල්ලංඝණය කරමින් ස්වකීය පවුල්වල සාමාජිකයන් සඳහා එන්නත් 13000ක් ලබා ගෙන සමාජයේ සෑම පාර්ශවයකම දැඩි දෝෂ දර්ශනයට ලක් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම ජාතික එන්නත් කරණ වැඩපිළිවෙළ අවශ්‍යතාවය පහදා දීම සඳහා ඊයේ (03)  ගරු ජනාධිපතිවරයා හමු වී පැය 02කට වඩා වැඩි කාලයක් සාකච්ඡා කළ බව නිවේදනය කරයි.

එම සංගමය අදාල නිවේදනය නිකුත් කරමින් පවසන්නේ මේ වන විට කොවිඩ් එන්නත්කරණය වසංගත රෝග විද්‍යා ඒකකයේ තිදෙනෙකු ගනු ලබන අත්තනෝමතික තීරණ නිසාවෙන් වැරදි මාවතක ගමන් කරමින් තිබෙන බවය. එන්නත්කරණය නිවැරදි මාවතට ගැනීමට අතිගරු ජනාධිපතිතුමන් හමුවේ ඊයේ (03) දිනයේදී පැය 02 කට ආසන්න කාලයක් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ බවත් ඔවුන් කියන්නේය. එම වැඩ පිළිවෙළ ඔවුන්ගේ වෙබ් අඩවියේ ඇති බවත් ඔවුන් සඳහන් කරන්නේය.

එම වැඩපිළිවෙළ රෝගින්ගේ මරණ සංඛ්‍යාව සහ අසාධ්‍ය රෝගින් අවම කිරිමට අවුරුදු 60ට වැඩි පුරවැසියන් එන්නත්කරණය කිරීම (ජනතාවගෙන් 14%)., අවුරුදු 60ට අඩු වූවත් බෝ නොවන රෝග වලින් පෙලෙන පිරිස් එන්නත්කරණය, සෞඛ්‍ය සේවයේ සේවකයන් සහ කොරෝනා මර්දනය සඳහා දායක වන පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ ඔවුන්ගේ අධි අවදානම් ආශ්‍රිතයින් එන්නත්කරණය සිදු කිරිම, අත්‍යාවශය සේවා සැලසිම සඳහා සංචරණයේ අනිවාර්යයෙන් යෙදිය යුතු සහ රටේ ආර්ථිකයට සෘජුවම දායක වන පිරිස් වයස් භේදයකින් තොරව එන්නත්කරණය කිරීම (උදා -ග්‍රාම සේවා නිලධාරින් /පරිපාලන නිලධාරින් /ගුරුවරුන් /වැඩි සේවක ඝණත්වයකින් යුතු කර්මාන්ත ශාලා) ඇතුළු කාරණා අවධාරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේය.


මෙම සතිය අවසන් වන විට ශ්‍රී ලංකාවට ලැබිමට නියමිත එන්නත් ලබා දීමේදී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් සහ මහජන සෞඛ්‍ය සඳහා වූ නියොජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක – I ගේ සෘජු අධීක්ෂණය යටතේ ස්ථාපනය කරන ලද එන්නත්කරණය සඳහා වූ ජාතික සම්බන්ධීකරණ කමිටුවක් මගින් සියලු පාර්ශවයන්ගේ එකඟතාවයෙන් සකසා ඇති මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරිමට අපි ඔවුන් මැදිහත් වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිවේදනය පහත දැක්වේ.

Exit mobile version