එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීම ප්‍රශ්නයක් යැයි සිතන්නේ නම් එන්නත් නොගෙන යන්න..

ඇමති නාමල් අද නුවර දී කියයි...

Namal-rajapaksha

ඇමති නාමල් නුවර එන්නත්කරණ වැඩ සටහනට එක් වූ අවස්ථාව

කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීම ප්‍රශ්නයක් යැයි සිතන්නේ නම්  ‌පෝරමය අත්සන් නොකර එන්නත් ලබානොගෙන සිටීමට කාටවුවත් හැකි බව නාමල් රාජපක්ෂ කීවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර කුණ්ඩසාලේ එන්නත්කරණ ක්‍රියාවලිය සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීමට අද (01) එහි පැමිණි අවස්ථාවේ දී ය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසන පරිදි  කොවිඩ් මර්දන එන්නත ලබාදිය යුත්තේ එක් මාත්‍රාවක්ද දෙකක්ද යන්න තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය අංශය ය. ඒ  මිස ආණ්ඩුව  එන්නත ලබා දිය යුතු ආකාරය පිළිබදව තීරණ ගන්නේ නැත.


එක් මාත්‍රාවක් පමණක් ලබාදීමෙන් අවශ්‍යය ප්‍රතිශක්තීකරණය ගොඩනැගෙන බවට සෞඛ්‍ය අංශ තීරණය කරනු ලබන බවත් එක් මාත්‍රාවක් ලබා ගැනීමට අකමැති නම් එය ප්‍රතික්ෂේප කිරීමේ අවකාශය ජනතාවට තිබෙන බවත් අමාත්‍යවරයා කීය.

එන්නත ලබා ගැනීමට තමන්ගේ විරෝධයක් නොමැති බව දක්වා පෝරමයක් අත්සන් කර ගැනීම අනිවාර්යයෙන්ම සිදුකරන බවත් එම පෝරමය සිංහල ඉංග්‍රිසි දෙමළ භාෂා තුනෙන්ම තිබෙන බැවින් ඒ සම්බන්ධ ගැටලුවක් ඇත්නම් අදාළ පුද්ගලයාට එම ස්ථානයේ සිටින නිලධාරියෙකුගෙන් ඒ සම්බන්ධව විමසා දැනගත හැකි බවත් රාජපක්ෂ මහතා පැවසුවේය.

එන්නත් කරන සෞඛ්‍ය කොට්ඨාසය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, ග්‍රාම සේවා වසම කුමක්ද යන්න  තීරණය කරනු ලබන්නේ   සෞඛ්‍ය අංශ බවත් ආණ්ඩුවේ වගකීම අදාළ එන්නත් නියමිත වෙලාවට නියමිත ප්‍රමාණය සැපයීම හා රටේ එන්නත්කරණ වැඩපිළිවෙළ දියත් කිරීමට අවශ්‍යය පසුබිම සැකසීම බවත් ඇමැතිවරයා පැවසුවේය.

මේවන විට දළ වශයෙන්  ලක්ෂ 19 කට වැඩි ප්‍රමාණයක් පළමු හා දෙවන එන්නත  ලබාදී තිබෙන බවත් වයස අවුරුදු 30 ට වඩා වැඩි වයස් කණ්ඩය සැලකුවහොත්  ප්‍රතිශතයක් ලෙස  17 % ක පමණ පිරිසකට එන්නත් ලබාදී තිබෙන බවත් කී ඇමතිවරයා ලක්ෂ 12කට වැඩි පිරිසකට පළමු මාත්‍රව ලබාදී අවසන් බවද අවධාරණය කළේය. මෙම  තොරතුරු තමන් ප්‍රකාශ කරනු ලබන්නේ මතකය අනුව නිවැරදි කිරීමට යටත්ව බවද ඔහු පැවසුවේය.

තවත්  සති කිහිපයකින් ලක්ෂ 15 ක පමණ එන්නත් ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි අවිශ්වාස කරන බවත් සෙසු  රටවල් වලට සාපේක්ෂව අපේ රටේ ඒන්නත් කරන වැඩසටහන ඉතා සාර්ථක මට්ටමක තිබෙන බවත් ඇමැතිවරයා කීවේය.

හඬ පටය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version