එක්ස්ප්‍රස් පර්ල් ගින්නෙන් හානි වූ ධීවරයන්ට වන්දි දෙන්න කෝටි 72ක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකාරිත්වය විසින් නෞකා ගින්නෙන් හානියට පත් ධීවර ප්‍රජාවවෙත සිදුවූ අලාභය වෙනුවෙන් රුපියල් කෝටි 72ක වන්දියක් ගෙවීමට එකඟ වී ඇතැයි වාර්තා වේ.

එක්ප්‍රස් පර්ල් නෞකාවේ ඒජන්තවරුන් ඇමරිකානු ඩොලර් මිලියන 3.6ක් ( කෝටි 72ක්) ලබන සතියේ ගෙවනු ඇති බව රාජ්‍ය ඇමති කාන්චන විජේසේකර පැවසීය.

මෙම ඩොලර් මිලියන 3.6 ගෙවනු ලබන්නේ මැයි 20 සිට ජුනි 03 දක්වා කාලය තුළ නීතිපතිවරයා විසින් ගෙවීමට නියම කරන ලද ඩොලර් මිලියන 40 ක පළමු අතුරු හානිය සඳහා වන වන්දියේ මූලික ගෙවීම ලෙස බව ද රාජ්‍ය ඇමතිවරයා කීවේය.

හානි ඇගයීම් කර වන්දි බෙදා දීම සඳහා නීතිපති කාර්යාලය, විගණකාධිපති කාර්යාලය, ගම්පහ දිසාපතිවරයා සහ ධීවර අමාත්‍යාංශය අතුළු රජයේ නිලධාරීන්ගෙන් යුතු කමිටුවක් පත් කිරීමට නියමිතය.

Exit mobile version