එක්ස්ප්‍රස් පර්ල් නඩුව යට ගහන්න දුන් මුදල් වැටුණේ බහමාස් දූපතේ බැංකුවකට !

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්දයෙන් වන්දි අය කර ගැනීමේ නඩුව ප්‍රමාද කරවීම සඳහා එංගලන්ත ජාතිකයෙකු බටහිර ඉන්දීය කොදෙව් දූපතක් වන බහමාස් දූපතේ මුදල් තැන්පත් කර ඇතැයි ආරංචියක් ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට තොරතුරු ලබා දුන්නේ තමන් බවත් ඔහු එම ආරංචියෙන් මාධ්‍ය සංදර්ශන පවත්වා වැඩ වැරදුණු පසු තමාට චෝදනා එල්ල කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ විනාශයට අදාළ මුදල් ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව සේම අධිකරණ අමාත්‍යවරයා ද නිසි පරිදි කටයුතු නොකරන බවට චෝදනා එල්ල කරමින් ඔහු මේ බව පැවසුවේ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධයෙන් පාර්ලිමෙන්තුවේදී අද පැවත්වෙන විවාදයේදී අදහස් දක්වමිනි. .

අධිකරණ අමාත්‍යවරයා තමා දුන් ආරංචියෙන් මොණරකු සේ මාධ්‍ය ඉදිරියේපිල් විදහා නැටූ බවත් සියල්ලන් මොණර නැටුම නොව ඔහුගේ පසුපස දුටු බවත් අජිත් මාන්නප්පෙරුම සඳහන් කළේය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානිය සම්බන්ධයෙන් සම්‍රදුයිය පරිසර ද ෂන අධිකාරිය පරීක්ෂණ පවත්වා ඒ සියලු තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුවට බාර දුන් නමුත් නීතිපති දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් මීපා ආයතනය හා එක්ව කටයුතු නොකරන බවට ඔහු චෝදනා එල්ල කළේය. ශ්‍රී ලංකාවේ නැව් සමාගමට එරෙහිව නඩු පැවරීමට හැකියාව තිබියදීත් නීතිපති දෙපාර්තමේන්තුව සිංගප්පූරුවෙන් ඩොලර් මිලියන 4.5ක ණයක් ගෙන සිංගප්පූරුව තුළ නඩු පවරන්නට සූදානම් වෙන බව මන්ත්‍රීවරයා පැවසීය.


“අධිකරණ අමාත්‍යවරයා කියනවා ලංකාවේ නිසි නීති නෑ කියලා.. හැම ආණ්ඩුවකම අධිකරණ ඇමැති විදියට කටයුතු කළේ විජයදාස රාජපක්ෂක.. ඉතින් එයාට තිබුණේ නැද්ද නීති හදන්න.  සාමාන්‍යයෙන් නැවක් අනතුරට ලක් වුණාම ඉන්ෂුවරන්ස් සමාගමෙන් එනවා නැව ගෙනියන්න. එතකොට හානියට සරිලන මුදලක් බැංකුවේ තැන්පත් නොකර නැව ගෙනියන්න බෑ කියන්න කොන්දක් තියෙන්න ඕනේ.  එහෙම නැත්නම් ලෙටර් ඔෆ් අන්ඩර්ටේකන් කියන ලිපියට ඉන්ෂුවරන්ස් සමාගමෙන් අත්සන් ගන්න ඕනේ.  බැංකුවේ සල්ලි තැන්පත් කළාම තමයි නැව පරීක්ෂා කරන්න හරි ඉඩ දෙන්නේ.  ලංකාවේ කාටවත් ඒකට කොන්දක් තිබිලා නෑ. මීපා එකවත් දන්නේ නෑ එහෙම ලියුමක් ගත්ත ද කියලවත්…”

අපේ කමිටුව මේ වෙද්දි ටාර්ගට් කරගෙන ඉන්නේ නැවෙන් සිදු වුණු හානියට අනුව ඩොලර් බිලියන 15ක් ලබා ගන්න.  එච්චර මුදලක් ගන්න පුළුවන්කම තියෙද්දී සිංගප්පූරුවේ නඩු දාලා ඩොලර් මිලියන 5ක් විතර අරගෙන ඉන්නයි නීතිපති දෙපාර්තමේන්තුව උත්සාහ කරන්නේ.. මේ අදිසි හස්තය කාගෙ ද කියලා හොයා බලන්න ඕනේ..”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු වැඩිදුරටත් අදහස් පළ කළේය

Exit mobile version