සුමිත් පොතුපිටිය –
එකට මත්පැන් පනයකර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් සිය මත්පැන් සගයෙකුට කිනිස්සකින් ඇණ ඝාතනය කිරීමේ සිද්ධියක් මොරගහහේන පොලිසියෙන් වාර්තා වේ .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මිනුවන්ගොඩ ඉද්ද වත්ත, මාබොදල ලිපිනයේ පදිංචිව සිටි පතිරන්නෙහෙලාගෙ නිරෝෂන් චන්දිම කරුණාරත්න නැමැති පුද්ගලයෙකි.
මොරගහහේන, තලගල, ගෝනපල ප්රදේශයේ දේපල සමාගකමට අයත් වෙන්දේසි ඉඩම් භූමික දී එම ආයතනයේ සේවය කරන පුද්ගලයන් පිරිසක් මත්පැන් සාදයක් පවත්වා එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුව ඇති බව පොලිසිය කීය.
ඝාතනය සම්බන්දයෙන් සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.
පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් පරීක්ෂණ සිදුකළ අතර , මොරගහහේන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.