උසස් පෙළ සිසුන් වෙනුවෙන් විදුලිය නොකපා ඉන්න හැටි මහජන උපයෝගීතා සභාපති කියා දෙයි !

හෙටින් ආරම්භ වන අ.පොස උසස් පෙළ විභාගය මුහුණ දෙන ලක්ෂ 3ක් පමණ වන සිසුන් සඳහා විදුලි නොකපා සිටීමට නම් රුපියල් බිලියන 5ක පමණ ඛනිජ ඉන්ධන වැය වන බවට පවසන කතාව බොරුවක් බවත් වර්තමානයේ පවතින විදුලිය ඉල්ලුම නිසි ලෙස කළමනාකරණය කළහොත් දරුවන්ට අපහසුතාවක් නොවන පරිදි විදුලිය කැපීමකට හෝ  විදුලිය කප්පාදුවකින් තොරව සැපයීමේ හැකියාවක් විදුලිය බල මණ්ඩලයට පවතින බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක  අවධාරණය කරයි.

එහිදී සභාපතිවරයා  උසස් පෙළ විභාගය පැවත්වෙන කාල සීමාව තුළ විදුලිය නොකපා සිටින ලෙස කරුණු දක්වමින් තමන් විදුලි බල මණ්ලය වෙත ලිඛිතව දන්වා ඇති බව සදහන් කළේය. සභාපතිවරයා විදුලිය කප්පාදුවකින් තොරව මෙම කාලය තුළ සැපයීමේ හැකියාව පෙන්වා දුන්නේ මෙසේය.

“අනෙක් විභාග වගේ නෙවෙයි උසස් පෙළ විභාගය කියන්නේ. එය මේ රටේ විභාගය ලියන ලක්ෂ තුනක් පමණ වන සිසුන්ගේ ජීවිත කඩඉම තීරණය කරන විභාගයක්. ඒ කාලය තුළ විදුලිය කප්පාදුවකින් තොරව සපයන ලෙස අප විදුලි බල මණ්ඩලය දැනුවත් කළා. නමුත් ඔවුන් අප වෙත පවසා සිටින්නේ එය කළ නොහැකි බව.


නමුත් අප දන්නවා මේ වනවිට රටේ විදුලිය ඉල්ලුම සැලකිය යුතු ලෙස අඩුව ඇති බව. ගිය වසරට සාපෙක්ෂව බැලුවම ගිය වසරේ දෛනික විදුලිය ඉල්ලුම ගිගාවොට් පැය 46ක් පමණ.  දැන් ගිගාවොට් පැය 36ක්.   අපි දන්නවා මේ වනවිට නොරච්චෝලේ වහල තබුනු ජනන යන්ත්‍රය දැන් ක්‍රියාත්මකයි. මේ නිසා පවතින ඉල්ලුමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ගල් අඟුරු ජල විදුලිය සහ සෙස පුනර්ජනනීය බලාගාරවලින් ලබා ගත හැකියි. ඒ අනුව මේ දිනවල ජල විදුලියෙන් ගගාවොට් පැය 12ක්  ගල් අඟුරුවලින් ගිගාවොට් පැය 19ක් පුනර්ජනනීය බලාගාරවලින් තවත්ගගාවොට් පැය 6ක් ලබා ගත හැකිි. එහි එකතුව ගිගාවොට් පැය 27ක්.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහජනතාවත් ටිකක් කල්පනා කරල පෙබරවාරි 13 දක්වා  මේ ළමයින් ගැන හිතල මේ දවස් ටික තුළ විදුලිය තවදුරටත් අරපිරිමැස්මෙන් භාවිත කර  ගිගාවොට් පැය 2ක් 3ක් අඩු කර දෙනව ඉන්දන මඟන් විදුලිය නිපදවා ගන්න තිබෙන්නේ තව සුළු ප්‍රමාණයක්. මේ දවස්වල උණුසුම් තත්වය අඩු නිසා බොහෝ දුරට වායු සමන යන්ත්‍ර භාවිත සීමා කළ හැකියි.“ යනුවෙන් ඔහු පැවසීය.

Exit mobile version