උවදුරු සමය මඟහරින්න.. දරුවෙක් හදන්න වසරක් පමා කරන්න…

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු

දරු ප්‍රසූතිය වසරකින් ප්‍රමාද කළ හැකි නම් එය දරුවාගේ මෙන්ම මවගේද ජීවිත ආරක්ෂාවට හේතුවක් වනුඇතැයි  ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු සදහන් කරයි.

මේ සඳහා සුදුසු පවුල්සැලසුම් ක්‍රමයක් භාවිත කළ හැකි අතර රෝහල්වලින් නොමිලේම ලබා දිය හැකි බවද ඔහු පෙන්වාදේ.

ගර්භනී මවකට කොවිඩ් වයිරසය ආසාදනය වුවහොත් ඇතිවන සංකූලතාවන් අධික බැවින් හා මේ රෝගය සම්බන්ධයෙන් අප සතු දැනුම ඉතා අල්ප බැවින් වසරක කාලයක් තුළදී මේ සම්බන්ධ විශාල දැනුමක් ලබාගත හැකි වනු ඇතැයිද විශේෂඥවරයා පෙන්වාදේ.


ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රකාශයට පත්කළේ වසරකට මව්කුස තුළදී දරුවන් මිලියන 2ක් මිය යන බවත් එම ප්‍රමාණයට තවත් ලක්ෂ 2ක දරුවන් වසර 2020 නොවැම්බර් මාසයේදී එකතු වන බවත්ය.

ඔවුන් දරුවන් මියයෑම සම්බන්ධයෙන් මෙහිදී පෙන්වා දි ඇත්තේ ගර්භනී සමය තුළ සිදුවිය හැකි විවිධ සංකූලතාවන්  වන දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි තත්වයන් යැයි  විශේෂඥවරයා පෙන්වාදේ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම මේ වන විට ගර්භනීමව්වරුන් කෙරෙහි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට යෙදවිමට තිබෙන කාලය අවම වීම, ඇතැම් මව්වරුන් නිරෝධායනයට යොමුව සිටීම, ප්‍රදේශ ලොක්ඩවුන් කිරිම, මව්වරුන්ට කලට වේලාවට මාතෘ සායනයන්ට සහභාගි වීමට නොහැකි වීම වැනි හේතු මත කුස තුළ වැඩෙන දරුවා පිලිබඳව නිවැරදි හදුනා ගැනීම් සිදු නොවන බවද වෛද්‍ය අතපත්තු   කියයි.

Exit mobile version