උදේ 10ට වාර්තා කරන්න… හරීන්ට සී.අයි.ඩී කැඳවීමක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ට අද (28) පෙරවරු 10 ට රහස් පොලිසියට වාර්තා කරන ලෙස රහස් පොලිසිය විසින් දන්වා තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව මීට පෙර අවස්ථාවක පාර්ලිමේන්තුවේ දී කළ හෙලිදරව්වක් පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මේ කැඳවීම කර ඇත.

“මට රහස් පොලිසියට එන්න කිව්වා. ඔවුන්ට මගෙන් ප්‍රකාශයක් ලබා ගත හැක්කේ අධිකරණ නියෝගයට අනුව පමණයි. මා අත්අඩංගුවට ගනු ලබන්නේ නම් එසේ කළ හැක්කේ මේ වසරේ සැප්තැම්බර් 1 වනදායින් පසුවයි. එතෙක් ඔවුන්ට මාව අත්අඩංගුවට ගත නොහැකියි. ඒ බව මා අධිකරණයට දන්වා තිබෙනවා.“ හරීන් ප්‍රනාන්දු ඩේලි මිරර් වෙත පවසා තිබිණි.

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් බුද්ධි අංශ නිලධාරියෙකු සහ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයන් අතර සම්බන්ධතා සොයාගෙන ඇති බව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මේ වසරේ අපේ‍්‍රල් මාසයේ දී පාර්ලිමේන්තුවට පැවසීය.

ඔහු කියා සිටියේ එම බුද්ධි අංශ නිලධාරියා දෙහිවල දී මරාගෙන මැරෙන බෝම්බකරුගේ නවාතැනට ගොස් ඇති බවය.

Exit mobile version