උතුරේ සියලුම සංවර්ධන නිලධාරීන් හෙට වර්ජනයේ

දිනසේන රතුගමගේ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උතුරු පළාතේ රජයේ කාර්යාල වල සේවය කරන සියලුම සංවර්ධන නිලධාරීන් 19 දා වර්ජනයක නිරත වන බව යාපනයේ මාධ්‍ය සමාජ ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී උතුරු පළාත් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ඊයේ (17) නිවේදනය කළේය.
ඔවුන්ව සංවර්ධන නිලධාරීන් වශයෙන් බඳවා ගෙන ඇතත් ඔවුන්ට විධිමත් පත්වීමක් හෝ ඔවුන්ගේ සේවය සම්බන්ධයෙන් ස්ථිර ස්වභාවයක් නොමැති බවත් ප්‍රකාශ කරන සංවර්ධන නිලධාරීන්ගේ සංගමය තවදුරටත් කියා සිටින්නේ ඔවුන්ව රජයේ කාර්යාලවල ඔවුන්ට නොගැලපෙන සේවාවන් සඳහාද යොදවා සිටින බවය.
මේ පිළිබදව රජයේ අවධානය යොමුකොට සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රශ්න වලට විසඳුමක් ලබා ගැනීම සඳහා මෙම එක් දින වැඩ වර්ජනය උතුරේ සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කොට තිබේ.

Exit mobile version