උතුරේ රාත්‍රී තැපැල් දුම්රියට 7 වෙනිදා සිට සුඛෝපභෝගී නිදන මැදිරි…

දිනසේන රතුගමගේ  –

කන්කසන්තුරේ හා කොළඹ කොටුව අතර ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියේ  සුඛෝපභෝගී නිදන මැදිරි පහසුකම් මේ මස 7 වෙනිදා සිට ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

යාපනය ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති එස්.ප්‍රදීපන් පැවසුවේ දින 45 කට පෙර  සිට මේම නිදන මැදිරි පහසුකම් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දුම්රිය ස්ථාන වලදී වෙන කර ගත හැකි බවයි.

මීට පෙරද රාත්‍රී තැපැල් දුම්රියේ සුඛෝපභෝගී නිදන මැදිරි තිබූ අතර පසු කාලයේදී එම මැදිරි  දුම් රියෙන් ඉවත් කරණු ලැබීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උතුරු පළාතේ සංචාරය කරණ විදේශීය හා දේශීය සංචාරකයින්ට මෙන්ම සාමාන්‍ය මගීන්ටද රාත්‍රී කාලයේදී වෙහෙසකින් තොරව දුම්රිය ගමනක යෙදීම සදහා මෙම නිදන මැදිරි වඩාත් ප්‍රයෝජනවත් වන නිසා උතුරු තැපැල් දුම්රියට අලුතෙන් එක් කෙරෙන නිදන මැදිරි මගීන් අතර බෙහෙවින් ජනප්‍රිය වනු ඇතැයි  දුම්රිය දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

Exit mobile version