උතුරු මුහුද කොල්ලකන ධීවරයන්ට විකල්ප මාර්ග හදා දෙන්න… දේවානන්දා  තමිල්නාඩු අගමැතිගෙන් ඉල්ලයි….

douglas-devananda

දිනසේන රතුගමගේ –

තමිල්නාඩුවේ සිට උතුරේ මුහුද ආක්‍රමණය කරමින් බලහත්කාරයෙන්  මසුන් මරණ ධීවරයින්ගේ ගමන වැළැක්වීම සදහා එම ධීවරයින්ට වෙනත් විකල්ප රැකියා මාර්ග සපයා දීමට පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා  තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාර්ලින්ගෙන් ඊයේ (29) දා ඉල්ලීමක් කොට තිබේ.

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකාවේ දෙමළ සරණාගතයින්ගේ යහපත උදෙසා ගෙන ඇති තීරණ වලට ස්තූතිය පල කරමින් ධීවර අමාත්‍යවරයා විසින් ඔහුට යවන ලද ලිපියේ මේ බව සඳහන් කොට තිබේ.

තමිල්නාඩුවේ සිට උතුරු මුහුදට මසුන් මැරීම සඳහා පැමිණෙන ධීවරයින්ගෙන් ආරක්ෂක අංශ ප්‍රශ්න කරන අවස්ථාවලදී ඔවුන් පවසා ඇත්තේ ජීවත් වීමට කිසිදු මගක් නොමැති නිසා  ජීවත් වීම  සදහා මෙම නීති විරෝධී රැකියාවේ නිරත වෙමින් ඔවුන් තමිල්නාඩුවේ සිට උතුරු මුහුදු තීරයට පැමිණෙන බවයි.


මේ ධීවරයින් විසින් වසර ගණනාවක් තිස්සේ සිදු කරගෙන යන නීති විරෝධී මසුන් මැරීමේ කටයුත්ත මේ අවස්ථාවේදී නතර නොකරණ නිසා ඔවුන්ව වෙනත්  ජීවනෝපාය මාර්ගයකට පුරුදු පුහුණු කොට ඔවුන්ට එම ක්ෂේත්‍රයේ රැකියා ලබා දෙන්නේ නම්  උතුරේ ධීවර ප්‍රශ්නයට විසදුමක් ලැබෙන බව පවසන ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන්  ඉන්දීය මධ්‍යම රජය සමග සාකච්ඡා කරණ ලෙසටද තමිල්නාඩු මහ ඇමතිවරයාගෙන් ඉල්ලා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමිල්නාඩුවේ වරින් වර බිහි වූ ප්‍රධාන අමාත්‍යවරු ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ සුබ සිද්ධිය සඳහා ඉටු කරන ලද සේවාවන් ඩග්ලස් දේවානන්ද ඇමතිවරයා විසින් සිය නිවේදනයේ ඉතා දීර්ඝ ලෙස විස්තර කරමින් ඊට  සිය ප්‍රසාදය හා ස්තූතියද පිරිනමමින් එම නිවේදනය තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ ස්ටාර්ලින්   වෙත යවා තිබේ.

Exit mobile version