උතුරු නැගෙනහිර සංවර්ධනයට දෙමළ ඩයස්පෝරා නියෝජිතයෝ අගමැති හමුවෙති

දිනසේන රතුගමගේ –

යුරෝපයේ ක්‍රියාත්මක දෙමළ ඩයස්පෝරාවේ පූර්ණ සහය ලබාගෙන ඔවුන් ලවා උතුරු නැගෙනහිර පළාත්වල විවිධ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරණ බව ධීවර අමාත්‍ය හා ඊ.පී.ඩී.පී.සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දා   පැවසීය.

අමාත්‍යවරයා  පැවසුවේ  දෙමළ ඩයස් පෝරාවේ සියලු සාමාජිකයෝ කොටි හිතවාදීන් නොවන නිසා දෙමළ වැසියන් කෙරෙහි උනන්දුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැමති කැනඩාවේ දෙමළ ඩයස්පෝරා නියෝජිතයින් දෙදෙනෙකුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව මුණ ගැස්සවූ බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් උතුරු හා නැගෙනහිර පළාත් වල විශාල ආයෝජනයකින් සංවර්ධන  ව්‍යාපෘති රැසක් දියත් කිරීමට කැමැත්තෙන් සිටින බව අග්‍රාමාත්‍යවරයාට පැවසූ බවත් මේ  නිසා ඉතා ඉක්මනින්ම එම ව්‍යාපෘති සදහා අනුමැතිය ලබාගෙන ඒවා ක්‍රියාත්මක කරණ බවත් අමාත්‍යවරයා පැවසීය.


Exit mobile version