උතුරු නැගෙනහිර පුරාණ බෞද්ධ සිද්ධස්ථාන 50ක් අන්‍ය ආගමිකයන් අතේ…

උතුරු නැගෙනහිර දෙපළාත තුළ පෞරාණික බෞද්ධ උරුමය තහවුරු කරන  ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථාන 50ක ප්‍රමාණයක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන වෙනත් ආගමික මධ්‍යස්ථාන බවට පත්කරගෙන ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක ලංකාසරට පැවසීය.

සමහර බෞද්ධ සිද්ධස්ථාන එසේ වෙනත් ආගමික ස්ථාන බවට පත් කරගෙන ඇත්තේ දශයක කීපයක සිට බැවින්  දැන් සංස්කෘතික ගැටලුවක්ව ඇති මේ  අත්පත් කරගැනීම් සම්බන්ධව   කටයුතු කිරීමට සිදුව ඇත්තේ සංකීර්ණ වටපිටාවක බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්ය තුළ දිගින් දිගටම විනාශ වෙමින් ඇති  උතුරු නැගෙනහිර පුරාවස්තු ආරක්ෂා කරගැනීම සඳහා යුද හමුදාවේ සහයෝගය   ඉල්ලා සිටියේ තමන් විසින් බවත්, ඔවුන් විසින් උතුරු නැගෙනහිර පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කරගැනීමට වගකීම් සහගත මෙහෙයක් ඉටු කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග දැන් කටයුතු කරමින් සිටින බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.


Exit mobile version