උත්තරදේවියේ මෝටර් රථයක්  ගැටී ඉංජිනේරුවෙක් මරුට… රථය ගිනි ගනී…

කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ගමන් ගන්නා උත්තරදේවී නගරාන්තර දුම්රියේ ගැටුණු මෝටර් රථයක ගමන් ගත් පුද්ගලයෙක් එතැනම මියගොස් තිබේ.

කැලණිය වනවාසල දුම්රිය හරස් මාර්ගය හරහා දිප්පිටිගොඩ සිට වත්තල දෙසට රථය ධාවනය කරද්දී  අද (01) දහවල් 12.30ට පමණ   සිදු වූ මෙම අනතුරින් පසු මොටර් රථය ගිනිගෙන ඇත.

මෙම සුඛෝපභෝගී මෝටර් රථය පදවා ඇත්තේ  ඉංජිනේරුවරයෙකි. වත්තල හුණුපිටිය කණ්ඩාගේ මාවතේ පදිංචිව සිටි ප්‍රියන්ත ප්‍රනාන්දු 55 නැමැති එම ඉංජිනේරුවරයා එම ස්ථානය දින මිය ගිය බව පෑලියගොඩ පොලිසිය පවසයි.


අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ සියලුම සංඥා ක්‍රියාත්මක තත්වයේ තිබී ඇතැයි පොලිසිය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිරු පුවත් සේවය සිද්ධිය වාර්තා කර තිබුණේ මෙසේය..

Exit mobile version