ඊලඟ ආණ්ඩුවක් පිහිටුවන්නේ ශ්‍රී.ල.නි.ප.ය මුල් වුණු නව සන්ධානයක්! – පරිසර ඇමති මහින්ද අමරවීර

රටේ  පක්ෂ ගණනාවක් තමන් වටා එකතු වී ඇති බවත්, මේ රටේ ඊලඟ ආණ්ඩුවක් පිහිටුවන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බව තමන් බය නැතිව ප්‍රකාශ කරන බවත් පරිසර ඇමති මහින්ද අමරවීර පැවසුවේය.

ඇමතිවරයා කීවේ  තමන්ට ආණ්ඩුවට පාඩමක් ඉගැන්වීමේ අවශ්‍යතාවයක් නැති බවත් පාඩම් ඉගෙනගෙනගත්   ජනතාව ඒ පාඩමින් බේරාගන්නට යන තමන්ට ඇමතිකම් සම්බන්ධව කිසිම ප්‍රශ්නයක් නැති බවත්ය.

ඇමතිවරයා මේ බව පැවසුවේ  අද (10)  ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස්පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසු මාධ්‍යවෙත අදහස් දක්වමිනි.


“ අපි මේකෙ ඉන්න දඟලන්නෙත් නෑ. යන්න දඟලන්නෙත් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් වෙලා පොදුජන පෙරමුණයට යන්නවත්,  රනිල්ට එකතුවෙන්නවත් සජිත්ට එකතුවෙන්නවත් අපට බලාපොරොත්තුවක් නෑ. “ ඇමතිවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආණ්ඩුව ප්‍රදර්ශනාත්මක පදනම දැමූ    වියත් මග මිනිස්සුන්ට එපා වී ඇති බව කී ඇමතිවරයා ජනතාව ඒ පිළිබඳව කතා කරනවාටවත් කැමති නැති බ කීවේය. මේ වනවිට පළාත් සභා මැතිවරණය කල් දැමීම පිළිබඳ කථිකාවක් ගොඩනැගී තිබෙනවා නොවේදැයි මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයට ඇමතිවරයා පිළිතුරු දුන්නේ   පළාත් සභා කල් දැමීමේ කිසිම අවශ්‍යතාවයක් නැති බවත්,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණයට මුහුණ දීමට සූදානමින් සිටින බවත් කියමිනි.

 

 

Exit mobile version