ඊයේ රාත්‍රියේ හඬා වැටෙමින් ඉන්ටග්‍රෑම් සමාජ ජාලය වෙත සජීවීව පැමිණ සිය දිවි නසා ගත් ඉන්දීය නිළිය…

ඉන්දියාවේ  භෝජ්පූරි හි ප්‍රකට නිළියක වූ    ආකන්ක්ෂා දුබේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සාරානාත් හි හෝටල් කාමරයක මියගොස් සිටියදී අද (26)  උදේ  සොයා ගත් බව පොලිසිය පවසයි.

නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පැමිණ නිළියක වූ අකන්ක්ෂා  සියදිවි නසා ගැනීමකින් මිය ගිය බවට පොලිසිය සැක කරන නමුත් මෙතෙක් ඒ පිළිබඳ කිසිදු නිශ්ඡිත සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි  වූ බව පොලිසිය කියයි.

 Akanksha
ආකන්ක්ෂා

මිය යන විට ආකාන්ෂා ඩුබේ 25 හැවිරිදි වියේ පසු වූවාය. ඇය උපත ලැබුවේ 1997 ඔක්තෝබර් 21 වැනිදාය.

ජනප්‍රිය සමාජ මාධ්‍ය චරිතයක්  වන ඇයට Instagram හි අනුගාමිකයින් මිලියන 1.7 ක් සිටියේය. ඇය   නිතිපතා ඡායාරූප ඡායාරූප හා වීඩියෝ පල කරමින් සිය සමාජ මාධ්‍ය භූමිකාව යාවත්කාලීන කළ තරුණියකි.


පොලිසිය පවසන්නේ  ආකන්ක්ෂා දුබේ සාරානාත් හි චිත්‍රපට රූගත කිරීමක් සඳහා පැමිණ සිටි බවය..

ඇය  බොජ්පූරි හි  නළුවෙකු සහ ගායකයෙකු වන සමර් සිං සමඟ පෙම් සබඳතාවක් පවත්වන බවට ප්‍රකාශ වී තිබිණි. ඇය වෘත්තීයමය වශයෙන් ද සමර් සිං සමග සහයෝගයෙන් කටයුතු කර ඇත.

කෙසේ වෙතත්  ඊයේ රෑ ආකන්ක්ෂා ඉන්ස්ටග්‍රෑම් වෙත සජීවීව පැමිණ තිබිණි. අතිශය වේදනාකාරී මුහුණුවරකින් පසුවුන ඇය හිටිවනම ඉකි ගසමින් අඬන්නට වූවාය.  එම සජීවි අවස්ථාව පටිගත කළ ඇයගේ රසිකයෙක් අද එය සිය ට්විටර් ගිනුවේ පළ කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මරණය සම්බන්ධව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version