ඊයේ මාළඹේ එකම නිවසක තිදෙනෙක් කොවිඩ් ආසාදනයෙන් මිය යති…

අවසන් කටයුතුවලටවත් නිවසේ ඉතිරි තිදෙනා නෑ... ඔවුන්ටත් කොවිඩ් ආසාදිතව මුල්ලේරියාව රෝහලේ..

අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එකම නිවසක ජීවත් වෙමින් සිටි අඹුසැමි යුවලක් හා තවත් කාන්තාවක් ඊයේ (03) මියගොස් ඇති බව අයි.ඩී.එච් රෝහලේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ මාළඹේ ගෝනවත්තේ එකම නිවසක පදිංචිව සිටි තිදෙනෙකි.

මිය ගිය අඹු සැමි යුවල 86 හා 94 වයස්වල පසුවන්නන්ය. අනෙක් මිය ගිය කාන්තාව ද වයස අවුරුදු 82ක් වන අතර ඇය මිය ගිය අඹුසැමි යුවලගේ දියණියගේ නැන්දනිය බව එම ප්‍රකාශකයා පැවසීය.


මේ පිළිබඳව තලංගම පොලිසියෙන් කළ විමසීමක දී පොලිසිය පැවසුවේ මිය ගිය අඹුසැමි යුවලගේ සැමියා කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් බවය. බිරිය විශ්‍රාමික හෙදියක්  බව තලංගම පොලිසිය පැවසීය.

මිය ගිය මෙම තිදෙනාම ඉකුත් 22 දින අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බව  ද තලංගම පොලිසිය කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම මිය ගිය අඹුසැමි යුවලගේ දියණියට, සහ ඇයගේ සැමියාට සහ පුතාට ද  කොවිඩ් ආසාදනය  වී  මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බව පොලිසිය කියයි.

Exit mobile version