ඊයේ නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයකින් ජනාධිපතිවරයා නව අමාත්‍යාංශයක් හදයි..

ජනාධිපතිවරයා විසින් ඊයේ නිකුත්කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් අනුව ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශයක් ගැසට් කර තිබේ.

අද (08) පාර්ලිමේන්තුවේ දිවුරුම් දී කැබිනට් ඇමතිකමක් ලබා ගැනීම සඳහා සූදානම්වන බැසිල් රාජපක්ෂ වෙනුවෙන් මෙම අමාත්‍යාංශය ගැසට් කර ඇති බව විශ්වාස කෙරේ.

එම අමාත්‍යාංශයේ කාර්යයන් හා කර්තව්‍යයන් ලෙස සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමට නියමිත අණ පණත්වලට අනුකූලව ප්‍රතිපත්ති සම්පාදනය ජාතික අය වැය සකස් කිරීම දක්වා තිබේ.

ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය, තිරසර සංවර්ධන සභාව, කොම්ප්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය, ( රජයේ සියලුම වත්කම් ගණනය කරන ආයතනය) තක්සේරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිෂන් සභාව, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය, රාජ්‍යසේවා අනෝන්‍යය අර්ථ සාධක සංගමය යන ආයතන එම අමාත්‍යාංශය යටතට ගැසට් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙතෙක් නාමල් රාජපක්ෂට වගකීම පැවරුණු ගම සමග පිළිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග සම්බන්ධීකරණ කටයුත්ත ද මෙම අමාත්‍යාංශය යටතට පත් කර ඇත.

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු හා පලාත් සභා සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය, දිළිඳුකම පිටුදැකීම හා ආර්ථික පුනර්ජීවනය සඳහාවන ජනාධිපති කාර්යසාධක බලකාය,

දේශගුණ විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බිහි කිරීම සඳහාවන ජනාධිපති කාර්යසාධක බලකාය සමග සියලු අමාත්‍යාංශ සම්බන්ධීකරණය කරමින් අදාල සංවර්ධන කටයුතු කිරීම සඳහා පහසුකම් සැලසීම ද මෙම අමාත්‍යාංශය යටතට ගැසට් කර ඇත.


Exit mobile version