ඊයේ අද දෙදින තුළ මහනුවර පොලිස් බල ප්‍රදේශය තුළ මිනී මැරුම් 03ක්….

26 හැවිරිදි කාන්තාවක් මඩේ ඔබා මරා දමලා...

ඊයේ (10) සහ අද දෙදින තුළ පමණක්  මහනුවර පොලිස් බල ප්‍රදේශයේ මිනී මැරුම් තුනක් සිදුවී ඇති බව මහනුවර පොලිසිය පවසයි.

අද උදෑසන වාර්තා වූ මිනී මැරුම ඒ අතර රටේම දැඩි අවධානයට ලක් විය.

නිවස ඉදිරිපිට වෙල් යායේ මඩේ ඔබා එසේ මරා දමා තිබුණේ අලවතුගොඩ පදිංචි  ධනුෂිකා මධුවන්ති නැමැති 26 හැවිරිදි තරුණ කාන්තාවකි.

ඇය   අලවතුගොඩ ඇල්ලකඩේ හන්දියේ සිල්ලර පෙට්ටි කඩයක් පවත්වාගෙන යමින් ගෙදරට ආදායම් උත්පාදනය  කරගෙන තිබේ.


ඇයගේ  ස්වාමිපුරුෂයාවන කුලතුංග පතිරණලාගේ තත්සර කුංකුම ඉලංගරත්න නැමැත්තා නිතරම බීමත්ව පසුවන බවත් දෙදෙනා අතර   නිතර ආරවුල් ඇති වෙන බවත් ප්‍රදේශවාසීන් පොලිසිය වෙත පවසා තිබේ.

මෙම කාන්තාව ඝාතනය කළ දිනය ලෙස සැලකෙන ඊයේ රාත්‍රියේ ඇයගේ ස්වාමිපුරුෂයා මළ ගෙදරක ගොස් ඇති බවත්, කාන්තාව තනියම නිවසේ සිට ඇති බවත් විමර්ශනවදි හෙළි වී ඇත.

නිවසට පැමිණි සැමියා බිරිය නිවසේ නැති බව දැන අලවතුගොඩ පොලිසියට ගොස් ඒ පිළිබඳව පැමිණිල්ලක් කර තිබේ.  අනුව විමර්ශන කටයුතු කරගෙන යෑමේ දී වෙලේ මඩෙහි ඔබා මරා දමා තිබූ තරුණ කාන්තවගේ මළ සිරුර හමු වී ඇත.

මේ වනවිට කාන්තවගේ ස්වාමිපුරුෂයා පොලිස් භාරයේ රඳවාගෙන තබා ගෙන තිබේ. මේ වනවතුරු ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර නැති බව පොලිසිය කියයි.

කාන්තාවගේ මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය  ද තවම සිදුකර නැත. මේ අතර අද සවස මරණය සම්බන්ධව සැක පිට යුද හමුදා සෙබලෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අලවතුගොඩ පොලිසිය    සිද්ධිය සම්බන්ධව පුලුල් පරීක්ෂණ පවත්වයි.

දෙදින තුළ වාර්තාවන දෙවන මිනීමැරුම සිදුවන්නේ දවුලගල හන්දෙස්ස ප්‍රදේශයෙනි. එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් අතර ඇතිවූ ආරවුලක් පිහි ඇණුමක් දක්වා දුරදිග ගොස් ඇති අතර බරපතල තුවාල ලද  තුන්දෙනෙක් පේරාදෙණිය සහ මහනුවර රෝහල්වලට ඇතුළත් කර ඇත.

මහනුවර රෝහලට ඇතුළත් කළ 32 හැවිරිදි  පුද්ගලයෙක්  මිය ගොස් තිබේ. පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ අයෙකුගේ තත්ත්වය අසාධ්‍ය වීම හේතුවෙන් මහනුවර රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

තුන්වන මිනී මැරුම වාර්තා වන්නේ පේරාදෙණිය දංගොල්ල ප්‍රදේශයෙනි.    බිරියගේ  අනියම් සැමියා විසින් පහර දී  ඇයගේ නීත්‍යානුකූල සැමියා ඝාතනය කර ඇත.

මේ යුවල නීතයෙන් වෙන් වීමට සිටි බවත්, දෙදෙනාම වෙනම ජීවිත සඳහා සැලසුම් කර තිබුණු බවත් වාර්තාවන බව පොලිසිය කියයි.

මිනී මැරුම සිදුකළ 42 හැවිරිදි කාන්තාවගේ අනියම් සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Exit mobile version