ඉස්ලාම් සංවිධාන තහනම් කර ජනපති අත්සන් කළ ගැසට් නිවේදනය නිකුත් වේ.

ඉස්ලාම්  අන්තවාදී කණ්ඩායම් 11ක්  තහනම් කිරීමට අදාල ගැසට් නිවේදන නිකුත් වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අත්සනින් නිකුත් කර ඇති එම ගැසට් නිවේදනයට අනුව මෙම රට තුළ දී හෝ මේ රටින් පිට දී කිසිම පුද්ගලයෙකු එම තහනම්  සංවිධානයක හෝ සංවිධාන  නියෝජනය කරන වෙනත් සංවිධාන වෙනුවෙන් ක්‍රියාකරන පුද්ගලයින් හා සමබන්ධ වීම හො ඒ පිළිබඳව සැලකිල්ලක් දැක්වීම හෝ ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වන බවට සාධාරණ සැකයක් පවතින යම් සංවිධානයකට සහය දීම නොදිය යුතු වේ.

තවද එම තහනම් සංවිධානයක සාමාජිකයෙක් හෝ සමූහයක සාමාජිකයෙක් වීම, නායකත්වය සැපයීම, නිල ඇඳුම්, සංකේත, ලාංඡන හෝ ධජ පැළඳවීම, ප්‍රදර්ශනය කිරීම, රැස්වීම් කැඳවීම හෝ ඊට සහභාගී වීම, සාමාජිකත්වය ලබා ගැනීම හෝ බැඳීම, එහි සාමාජිකයෙකු හෝ සමූහයකට රැකවරණය සැලසීම, මුදල් හෝ ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම තහනම් බවද එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.


එසේම කිසියම් පුද්ගලයෙක් එම නියෝග උල්ලංඝනය කරන්නේ නම් ඔහුට හෝ ඇයට විරුද්ධව මහාධිකරණයේ නඩු පැවරීමටත් මහාධිකරණය මගින් වසර 20ක් නොඉක්මවන සිර දඬුවම් නියම කිරීමට කටයුතු කළ හැකි   බවත් ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව

  1. එක්සත් දව්හිද් ජමාත්
  2. සිලෝන් තව්හිද් ජමාත්
  3. ශ්‍රී ලංකා තව්හිද් ජමාත්
  4. සමස්ත ලංකා තව්හිද් ජමාත්
  5. ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා
  6. දාරුල් අදර්
  7. ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය
  8. ඉස්ලමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා හෙවත් අයි.එස්.අයි.එස්.
  9. අල්කයිඩා
  10. සේව් ද පර්ල්ස්
  11. සුපර් මුස්ලිම්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යන සංවිධාන තහනම් සංවිධාන ලෙස ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Exit mobile version