ඉම්රාන් අගමැති නොකී කතාව ආරක්ෂක ඇමති කියයි! – ඝාතනයට හේතුව උග්‍ර ආගම්වාදී පෙළඹවීමක්…  

ප්‍රියන්ත කුමාරව මරා දැමුනෙ උග්‍ර ආගම්වාදී පෙළඹවීමකින්… පකිස්තාන ආරක්ෂක ඇමති කියයි

පාකිස්ථානයේ සියල්කෝට් නගරයේ දී ශ්‍රී ලාංකික කර්මාන්තශාලා සාමාන්‍යාධිකාරිවරයා කෘර  ලෙස වධයට ලක් කර මරා දැමීම සැලසුම්සහගත ක්‍රියාවක් නොවන බවත්, ඊට නිශ්චිත කණ්ඩායමක් වරදකරුවන් නොවන බවත් . ආරක්ෂක අමාත්‍ය පර්වේස් ඛට්ටක් පැවසුවේය.

මෙම ඝාතනය උග්‍ර ආගම්වාදී පෙළඹවීමකින් හැඟුම්බරව සිදුකළ දෙයක් බවත්  ඇමතිවරයා කීවේය.


මෙම සිද්ධිය පිළිබඳව ජනමාධ්‍යවේදීන් විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පිළිතුරු ලබා දුන් ආරක්ෂක අමාත්‍යවරයා කියා තිබුණේ  සමාජය වෙලාගෙන   ඇති දැඩි ආගමික පරිසරය ගැනය.   , මිනිසුන් එම ආගමික පරිසරය හා තදින් බැඳී තදින් ග්‍රහණය වී ආගමික මනසක් ඇතිව ජීවත්වන බැවින් ඔවුන් වහාම   හැඟුම්බර වන බවත් අමාත්‍යවරයා කීවේය.

“මෙම කර්මාන්ත ශාලාවට රැස්ව සිටි තරුණ පිරිස ඉස්ලාම් ආගමික සටන් පාඨ කිව්වා. ඔවුන් සිතාගෙන සිටියෙ ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයා ඉස්ලාම් ආගමට විරුද්ධව ක්‍රියා කරන අයෙක් ලෙසයි. මිනිස්සු හැඟීම්බර වෙලා ඒ පුද්ගලයා ඝාතනය කළා. නමුත් ඉන් අදහස් වෙන්නෙ නෑ පාකිස්ථානය පාලනයෙන් මිදිලා කියලා.“

අවසාන වශයෙන් ආරක්ෂක ඇමතිවරයා මෙසේ පවසා තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“  ආගම් වාදීන් සම්බන්ධයෙන් රජයට චෝදනා නොකර ඔබ ජනතාව දැනුම්වත් කරන්න. එය මාධ්‍ය සතු වගකීමක්.“

Exit mobile version