ඉන්ධන මිල වැඩියි කියා තිරික්කලෙන් ගාලු යන්න ගිය ස.ජ.බ. තරුණ ලේකම් නිරෝධායන නිති කඩකලැයි අත්ඩංගුවේ…

ලලිත් චාමින්ද –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්ධන මිල වැඩි කිරීමට විරෝධය දක්වා තිරික්කලයක නැගී ගාල්ල නගරයදක්වා ගමන් කරමින් සිටි සමගි ජන බලවේගයේ තරුණ බලවේග ගාල්ල දිස්ත්‍රික් ලේකම් කනිෂ්ක ලැනරෝල් ඇතුළු තිදෙනකු අද (19)දහ වල් නිරෝධායන නීති උල්ලංඝනය කිරීම යටතේ අත් අඩංගුවට ගත් බැව් ගාල්ල පොලීසිය පවසයි .

ගාල්ල සමුද්‍ර මාවතේදී කණිෂ්ක ලැනරෝල් ඇතුළු තිදෙනා අත්අඩංගුවටග ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අය අතර තිරික්කල හිමියා ද සිටින බව පොලීසිය පවසයි.කණිෂ්ක ලැනරෝල් සඳහන් කළේ තම මවට අවශ්‍ය ඖෂධ රැගෙන ඒම සඳහා සඳහා තිරික්කලයකින් ගාල්ල නගරයේ පිහිටි ඔසු හලක් වෙත යමින් සිටියදීතමන් අත්අඩංගුවට ගත් බව ය.

Exit mobile version