ඉන්ධන ප්‍රවාහන වර්ජනය අවසන් – ඒත් තදබදය තව දින දෙකක්වත්

කීර්ති ප්‍රනාන්දු –

ඉන්ධන ප්‍රවාහකයන් විසින් ආරම්භ කරන ලද වර්ජනය අද සවස සිට අත්හිටුවීමට එම සංගමය පියවර ගෙන තිබේ.

ලංකා පෞද්ගලික ඉන්ධන ටැකි රථ හිමියන්ගේ සංගමයේ සම   ලේකම් ශාන්ත සිල්වා   පැවසුවේ ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා සහ කළමනාකර අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවකදී බලධාරීන් තමන් ඉල්ලූ සියයට 60ක ගාස්තු වැඩිවීම වෙනුවට සියයට 30ක වැඩි වීමක් ලබා දීම මත මෙම වර්ජනය අත්හිටුවීමට කටයුතු කළ  බවය.

රටේ පවතින තත්ත්වය සහ ආයතනවල මූල්‍ය තත්ත්වය සලකා මෙම වැඩි කිරීමෙන් සෑහීමකට පත් වන ලෙස කළ ඉල්ලීමට සංගමය යහපත් ප්‍රතිචාර දක්වා තිබේ.


තවත් මාස දෙකකින් මෙම ප්‍රවාහනය සම්බන්ධ මිල සූත්‍රයක් සකස් කිරීමටද බලධාරීන් එකඟ වූ බව සම ලේකම්වරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව අද සවස සිට ඉන්ධන ප්‍රවාහන බවුසරවලට සේවයට එක්වන ලෙස දැනුම් දී ඇති අතර හෙට දිනය තුළ සියලු දෙනා සේවයට එක්වනු ඇති බවට ඔහු විශ්වාස පළ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද පවතින තදබදය ඉවත් වීමට තවත් දින දෙකක්වත් ගතවනු ඇතයි ඔහු පැවසීය.

 

Exit mobile version