ඉන්ධන ප්‍රවාහනයට ආරක්ෂාව අවශ්‍යයි… ටැංකි රථ හිමියෝ පොලිස්පතිට ලියති!

දින දෙකක් තුළ සාධනීය පිළිතුරක් දෙන්න... නැතිනම් සේවයෙන් ඉවත් වෙන්න වේවි....

කීර්ති ප්‍රනාන්දු – 

දින දෙකක් තුළ ඉන්ධන ප්‍රවාහන ටැංකි රථවලට සුදුසු ආරක්ෂාවක් සලසා දෙන්නැයි පොලිස්පතිවරයාට ලිඛිතව දැන්වූ බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් ප්‍රවාහන පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා ලංකාසරට පැවසීය.

එම සුදුසු ආරක්ෂාව  සලසා දීමට අපොහොසත් වන්නේ නම් ටැංකි රථ හිමියන් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටින්නට ඉඩ ඇතැයි ද ඔහු පැවසුවේය.

මේ වනවිට රට තුළ ඉන්ධන ප්‍රවාහනය  කණගාටු දායක අවදානමකට ලක් වී ඇති බව කී ඔහු දැනට ඉන්ධන බවුසරවලට හානි කිරීම්, ප්‍රවාහනයට බාධා කිරීම්, බලහත්කාරයෙන් ඉන්ධන අදාල නොවන පිරවුම්හල්වලට ගොඩබෑමට කරන බලපෑම් අතුළු සමස්ථ සිදුවීම් 20කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ඔහු කීවේය.

මෙම බව්සරයක් බැරිවීමකින් හෝ  අනතුරට ලක්වුවහොත් අති විශාල විනාශයක් සිදුවන බව කී ඔහු මේ විනාශකාරී අවදානම සහිතව ඉන්ධන ප්‍රවාහනය සිදුකිරීමත් ගැටලුවක් බව පෙන්වා දුන්නේය.


ඉදිරි දින දෙක තුළ කෙසේ හෝ එම අවදානම සහිතව ප්‍රවාහන කටයුතු කළත් එය දිගටම පවත්වා ගැනීමේ අවදානම ටැංකි රථ හිමියන් නොගන්නා බව කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් ඛනිජතෙල් නීතිගත සංස්ථාව  සමග සාකච්ඡා කර සුදුසු ක්‍රමවේදයක් පිළිබඳව සංගමය දැනුම්වත් කරන බව පොලිස්පති කාර්යාලය මේ වනවිටත් දැනුම් දී ඇතැයි  සමලේකම් වරයා කීවේය.

Exit mobile version