ඉන්ධන නැති නිසා නිලධාරීන් එන්නෙ නෑ… ඓතිහාසික දිඹුලාගල කඳුවැටියම ජාවාරමුන් අතින් විනාස වෙයි..

 පුරාවස්තු ජාවාරම් කරුවන් කැළෑ පාලුවන් මස් වැද්දන් දිඹුලාගල වනසන හැටි....  

මනම්පිටිය නිමල් ජයරත්න –

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසන කන්දට අයත් කොස්ගහ උල්පත පුරාවිද්‍යා රක්ෂිතයත් භූමියේ මීට දින කීපයකට පෙර සිට දැව ජාවාරම්කරුවන් පිරිසක්  විසින් එහි තිබෙන වටිනා පළු, මිල්ල, බුරුත ඇතුළු ශාක වර්ග විශාල වශයෙන් කපා   රැගෙන ගොස් ඇති බව   දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා  සඳහන් කරති.

අමරපුර ධර්ම ශක්ති මහා නිකායේ උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක හා අධිකරණ මණ්ඩලයේ  නායක, ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අනුනායක සිංහපුර චේතියාලංකාර නායක ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ දිඹුලාගල කොස්ගහ උල්පත  ඇතුළු  දිඹුලාගල කඳු වළල්ල දඩයම්කරුවන්ගේත් පුරාවස්තු ජවාරම් කරුවන්ගේ  මෙන්ම දැව ජාවාරම් කරුවන්ගේත් ග්‍රහණයට ලක්ව දැවැන්ත විනාශයක් සිදුවන බවය.

දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව ලෙස මේ පිළිබඳ අදාළ බලධාරීන් දැනුවත් කළ ද දිඹුලාගල කන්දේ සිදුවන පුරාවස්තු  ජාවාරම, දැව, ජාවාරම්, මෙන්ම සත්ත්ව දඩයම අඩුවක් වී නොමැති බවද චේතියාලංකාර හිමියෝ කියති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලීසියට මෙන්ම මේ පිළිබඳව සොයා බලන අදාළ අංශවලට ඉන්ධන නොමැතිවීම හේතුවෙන්   ඒ පිළිබඳ සොයා බැලීමට කිසිවකුත් නොපැමිණිම ජාවාරම්කරුවන්ට මහත්  පිටුවහලක් වී ඇතිබව චේතියාලංකාර නාහිමියන් ප්‍රකාශ කරති.


 

 

Exit mobile version