ඉන්ධන නැතිව සිදුවන විදුලිය බිඳවැටීමේ වගකීම අපි භාරගන්නෙ නෑ…

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ

විදුලිබල  පද්ධතියට දෛනිකව එකතු වූ මෙගාවොට් 300ක ධාරිතාව හිටිහැටියේ නතර වීම හේතුවෙන් එම ධාරිතාව නැවත විදුලිබල පද්ධතියට එකතු කර ගැනීම සදහා විදුලිබල මණ්ඩලයට  දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. ඒ අතම ඩොලර් සංචිතවල පහත වැටීමත් සමග ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන ආනයනයේ තීරණාත්මක ගැටලුවක් වූයේය. ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 96ක මුදලක් ඉන්ධන සඳහා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතුව තිබූ පසුබිමක බලශක්ති ඇමතිවරයා කීවේ තමනුත් අර්බුදයක සිටින අවස්ථාවක විදුලිබල මණ්ඩලයේ ප්‍රශ්නයත් විසඳිය නොහැකි බවය. ඩොලර් දෙනවා නම් ඉන්ධන ආනයනය කර දෙන්නම්! ඔහු කීවේ එසේය. ලංවිමට ඉන්ධන දුන්නොත් රටට ඉන්ධන නැත. එහෙත් රටට විදුලිය තිබේ. ඔවුන්ට නොදී සාමාන්‍ය පාරිභෝගිකයන්ට ඉන්ධන දුන්නොත් රට අඳුරේය. අප ඉන්නේ උභතෝකෝටික ගැටලුවකය.  මේ අර්බුධය සම්බන්ධයෙන් අපි ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ සමග සාකච්ඡා කළෙමු.

මේ අප නැගූ ප්‍රශ්නවලට ඔහු ලබා දුන් පිළිතුරුය.

ප්‍රශ්නය –  තෙල් නැති නිසා විදුලි කප්පාදුවට යනවා කියලා.  විදුලිබල මණ්ඩලය සදහන් කරනවා. ඛනිජතෙල් නීතිගත සංස්ථාවට   තෙල් දෙන්න හැකියාවක් නැතිද?

පිළිතුර  -.  විදුලි බල මණ්ඩලයට ,  ජනවාරි මාසය සඳහා ඩීසල් ලබාදීමේ සැලසුමක්  අපි ළග තිබුණේ නැහැ.  දැවිතෙල් ලබා දීමටත් සැලසුමක් තිබුණේ නැහැ. විදුලිබල මණ්ඩලය,  විදුලිබල අමාත්‍යංශයත් ඛනිජතෙල් නීතිගත සංස්ථාවත් බලශක්ති  අමාත්‍යංශයත් එකතු වෙලා සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවලදී අපි හදුනා ගත්තා දැවිතෙල් අවශ්‍යතාව  පෙබරවාරි මාසේ මුල සිට සැපයිය යුතුයි කියලා.   වර්ෂාව දිගටම පැවතුණා. ඒ නිසා  ජලවිදුලිය ලබා ගන්න හැකි වුණා.

කෙසේ නමුත් නොරොච්චෝලේ බලාගාරය හදිසියේ බිඳවැටීම නිසා  ඔවුන්ට නොරොච්චෝලෙන් ලැබුණු මෙගොවොට් 300  ක ධාරිතාව නැතිව ගියා. ඒ නැතිව ගිය ධාරිතාව කැලණිතිස්ස බලාගාරයෙන් ලබා ගන්න විදුලිබල මණ්ඩලයට සිදුවුණා. මේ නිසා හදිසි අවශ්‍යාතාවන් සඳහා ඛනිජතෙල් සංස්ථාවට කැළණිතිස්ස බලාගාරයට  ඩීසල් ලබා දීමට   සිදුවුණා.

අපි සැලසුම් කර තිබුණේ පෙබරවාරි මාසයේ සිට ඉන්ධන ලබා දෙන්න. නමුත් හදිසි අවශ්‍යතාව නිසා ඉන්ධන ලබා දෙන්න සිදුවුණා.   අවශ්‍ය ඉන්ධන ලබා‌දෙන්න නම්  අපි ආනයනය කරන ඉන්ධන සඳහා  විදුලිබල මණ්ඩලය මුදල් ලබා දිය යුතුයි.


ප්‍රශ්නය – ඒ කියන්නේ විදුලිබල මණ්ඩලය මුදල් ලබාදෙන තෙක් ඛනිජතෙල්  සංස්ථාවෙන් ඩීසල් ලබා දෙන්නේ නැතිද?

පිළිතුර – අපේ ආයතන දෙකම රාජ්‍ය ආයතන. අපි සාකච්ඡාකරලා ඩීසල් ලබා දීමට තීරණය කළා. ඊයේ (14) සිට ඒ තීරණය ක්‍රියාත්මකයි. ලබන අගහරුවාදා නැවත විදුලිබල මණිඩලය, ඛනිජතෙන් නීතිගත සංස්ථාව, විදුලිබල අමාත්‍යංශය, හා බලශක්ති අමාත්‍යංශය සාකච්ඡා කරනවා මොකද කරන්නේ කියලා.

ප්‍රශ්නය – විදුලිබල මණ්ඩලය ඛනිජතෙල් සංස්ථාවට කොපමණ මුදලක් ගෙවිය යුතුව තිබෙනවාද?

පිළිතුර –  වසර 2020දී මැයි මාසය වන විට  රුපියල් බිලියන 86ක් මුදලක්   විදුලිබල මණ්ඩලය අපට ලබා දිය යුතුව තිබුණා. මුදල් අමාත්‍යංශය මගින් රුපියල් බිලියන 50ක මුදලක් විදුලිබල මණ්ඩලය ලබා දුන්නා. මේ මුදල ඛනිජතෙල් සංස්ථාවේ ණය පියවීමට ගත් නිසා අපට ලබාදීමට තිබු ණය මුදල රුපියල් බිලියන 41 – 45 ප්‍රමාණයකට අඩු වුණා.

නමුත් 2021 වසරේ ජනවාරි, පෙබරවාරි මාර්තු අප්‍රේල් මාස වල විශාල වශයෙනක් ඉන්ධන භාවිතා කරන්න නිසා විදුලිය ජනනය කිරීම සදහා  2021 වසරේ ලබා ගත් ඉන්ධන සඳහා විදුලිබල මණ්ඩලය  බිලියන 91ක් ඛනිජතෙල් සංස්ථාවට ණයයි.

ප්‍රශ්නය – ඛනිජතෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලාය ඉන්ධන ලබා දීමෙන් පාඩුවක් සිදුවෙනවාද,

පිළිතුර – අනිවාර්යයෙන්ම ඔව්. ඉන්ධන ඒක් ලීටරයක් සදහා අද දිනයේ දී ඛනිජතෙල් සංස්ථාවට වැය වන මුදල රුපියල් 146ක්.    අපි විදුලිබල මණ්ඩලය ලබා දෙන්නේ 121ට. විදුලිබල මණ්ඩලය ඩීසල් ලබාගෙන විදුලිය ජනනය කර පාරිභෝගියකයින්ට ලබා දෙන විට විදුලිබල මණ්ඩලයත් විශාල අලාභයක් සිදුවෙනවා.  අපිත් විදුලිබල මණ්ඩලයට ඛනිජතෙල් අඩු මිලට ලබා දීම නිසා රුපියල්25ක පාඩුවක් ලබනවා

ප්‍රශ්නය – විදුලිබලමණ්ඩලයේ දෛනික ඩීසල් අවශ්‍යතාව කොපමණද?

පිළිතුර – දිනකට විදුලිය නිෂ්පාදනය කිරිම සඳහා ඩීසල්  මෙට්ට්‍රික්ටොන්  1500ක් අවශ්‍ය වෙනවා.

ප්‍රශ්නය – විදුලිබල මණ්ඩලයට ඩීසල් දුන්නොත් රටේ ජනතාවට ඩීසන් නැතිවෙයිද?

පිළිතුර – විදුලිබල මණ්ඩලය  හදිසි අවශ්‍යතාව මතුවෙලා තියෙන්නේ. හදිසි අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා  අපේ  ඉන්ධනවලින් අපි ලබා දෙන්න තීරණය කරලා තියෙනවා.  කොහොම නමුත් ලබන අඟහරුවාදා නැවත අපේ ආයතන හතරම එකතු වෙලා සාකච්ඡා කරනවා කොහොමද මේ අවශ්‍යතාව පිරිමහන්නේ කියලා.

ප්‍රශ්නය – හදිසි අවශ්‍යතාවය   පෙරේදා දිනයේදී ඉල්ලුම් කළත් එය ලබා දුන්නේ නැහැ නේද?

පිළිතුර – අපෙන් පෙරේදා  ඉලුවත් සාකච්ඡා කරලා සැලසුම් සකස්කරලා ක්‍රියාත්මක කළේ ඊයේ (14). අපි ඊයේ  සිට ඒ ඉන්ධන ලබා දෙනවා.

ප්‍රශ්නය – පෙරේදා (13) දිනයේදී   විදුලය බිඳවැටීම සම්බන්ධයෙන් ඛනිජතෙල් සංසථාවට වගකීම භාරගන්නේ නැතිද?

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පිළිතුර – නැහැ අපි වගකීම භාර ගන්නේ නැහැ. මොකද විදුලිබල මණ්ඩලයේ හදිසි අවශ්‍යතාව සපුරා ලන්න අපිට ක්ෂණයකින් පුලුවන් කමක් නැහැ.

 

Exit mobile version