ඉන්දීය ඕස්ටේ්‍රලියා ඩයස්පෝරාවෙන්, නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් උපහාර උත්සවයක්

ඉන්දීය ඕස්ට්‍රේලියානු ඩයස්පෝරා පදනම මේ මස සිඩ්නි නුවර පැවැත්වීමට නියමිත QUAD සමුළුවට පෙර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට උපහාර පිණිස මහා ප්‍රජා පිළිගැනීමක් පැවැත්වීමට නියමිත බව එන්ඩීටීවී වාර්තා කරයි.

මැයි 23 වන දින සිඩ්නි හි පැවැත්වෙන මෙම උත්සවයට අගමැති මෝදි සහභාගී වීමට නියමිතය. මෙම උත්සවයේ අරමුණ වන්නේ ඔස්ටේ්‍රලියාවේ වර්ධනය වන ඉන්දියානු ඩයස්පෝරාවේ සාමාජිකයින්ට ඉන්දීය ආදරණීය නායකයා වන නරේන්ද්‍ර මෝදිගේ හඬට සවන් දීමට අවස්ථාවක් සැලසීම බව ඉන්දීය ඕස්ටේ්‍රලියානු ඩයස්පෝරා පදනම පවසයි.

මෙම අවස්ථාවට සහභාගී වීමට අවශ්‍ය සාමාජිකයින් 20,000කට වැඩි පිරිසකගේ ලියාපදිංචිය ඇතුළුව, IADF විසින් මෙම අවස්ථාවට අතිමහත් ප්‍රතිචාරයක් දැනටමත් දැක ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විවිධ සමාජ, සංස්කෘතික, භාෂාමය, ව්‍යාපාරික, වෘත්තීය සහ ආගමික පසුබිම්වලින් ඩයස්පෝරා සංවිධාන 300කට අධික සංඛ්‍යාවක් පිළිගැනීමේ හවුල්කරුවන් වීමට ලියාපදිංචි වී ඇත.

Exit mobile version