ඉන්දියාව මෙම වසරේ ලොව වැඩිම ආර්ථික වර්ධනයට හිමිකම් කියන ලකුණු

Indian economy

ඉන්දියාවේ මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට හයකට වැඩි අගයක් ගණු ඇති බවට නවතම සමීක්ෂණ වාර්තා වලින් අනාවරණය වී ඇත.
මෙහිදී ගෝලීය සාධක සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් එහ හැසිරීම් රටාවන්ද පුරෝකථනය කිරීමකින් අනතුරුව ඉන්දියාව මෙම ආර්ථික වර්ධනය අත්පත් කරගැනීමට සමත්වනු ඇති බවට අපෙක්ෂිතය.

ඒ අනුව මෙම වසරේ ගෝලීය වශයෙන් වැඩිම ආර්ථික වර්ධණයක් අත්පත් කරගනු ඇති බවට අපෙක්ෂිත රට බවටද ඉන්දියාව පත්ව තිබීම විශේෂත්වයකි. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් කරන ලද පුරෝකථන වලට අනුව ඉන්දියාව අනෙක් ආර්ථිකයන්ට සාපෙක්ෂව වැඩි ආර්ථික වර්ධනයක් අත්කරගැනීමට සමත්වනු ඇති බවට ප්‍රකාශ කර තිබේ..
කොරෝනා වසංගතයෙන් සහ යුක්‍රේන යුද ගැටුම් වලින් ගෝලීය ආර්ථිකයට ඇති වූ බලපෑම් වලින්ද ඉන්දියාව ඉතා සාර්ථකව යථා තත්ත්වයට පත්වීමට සමත්ව ඇති බවත් එහිදී ඉතා ස්ථායී වර්ධනයක් පවත්වාගෙන යාමටත් ඉන්දියවා කටයුතු කර ඇති බවද ආදල සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

එහිදී ඉන්දියාව විසින් පසුගිය කාලයේදී ගන්නා ලද ආර්ථික ප්‍රතිපත්ති ඉතා සාර්ථක සහ කාලෝචීත බවටද සානාථ වන බවද එම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
කොරෝනා වසංගතය පැවති සමයේදී ඉන්දියාව විසින් ගෙනගිය එන්නත්කරණ වැඩසටහන ඉතා සාර්ථක බවත් එහිදී චීනය මෙන් තවත් කොරෝනා වසංගත රැලි ඇතිවීම වැලැක්වීමට කටයුතු කිරීමත් මෙම ආර්ථික ස්ථායී බවට හේතුවී ඇති බවටද පෙන්වා දිය හැකිය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී චීනයේ නීෂ්පාදන කටයුතු කඩා වැටෙන අවස්ථාවෙීදී ඉන්දියාව සිය කර්මාන්තශාලා සාර්ථිකව ක්‍රියාත්මක කරමින් ගේලීය සැපයුම්දාමය අඛණ්ඩව පත්වාගෙන යාමට දායක වීමද ඉතා ප්‍රශංසනීය තත්ත්වයකි.

Exit mobile version