ඉන්දියාව බොරු ප්‍රචාර නවත්වා ඇත්ත ධීවර ප්‍රශ්නය විසඳා ගැනීමට උදව් කළ යුතුයි… ධීවර ඇමති…

දිනසේන රතුගමගේ –

තමිල්නාඩු රජය ව්‍යාජ ප්‍රවෘත්ති මවද්දී ඉන්දීය ධීවරයින් විසින් නීති විරෝධී පන්නක්‍රම යොදාගෙන අනීතිකව අඛන්ඩව කරන සමුද්‍ර ආක්‍රමණය නිසා සාගර සම්පත මෙන්ම රටටත් බරපතල හානියක් සිදුවන බවත්, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ධීවර කටයුතු සම්බන්ධයෙන් අත්සන් කොට ඇති අවබෝධතා ගිවිසුම පිළිබදව යළි දෙරටම අවධානය යොමුවිය යුතුයැයි තමා විශ්වාස කරන බවත්  ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා  යාපනයේදී පැවසීය.

ඔහුු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) යාපනය බන්ධනාගාරයේ රදවා සිටින ඉන්දීය ධීවරයින් 56 දෙනෙකුගේ සුව දුක් විමසා බැලීම සදහා ධිවර අමාත්‍යවරයා  කළ සංචාරයේ දී ය.

මේ  හමුවෙන් පසුව මාධ්‍යයට අදහස් පල කළ ඩග්ලස් දේවානන්දා  අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය. 


ශ්‍රී ලංකාවේ සාගර සම්පත සහ අපේ ජනතාවගේ ජීවනෝපාය වනසන ට්‍රෝලින් ධීවර කර්මාන්තය වහා නැවැත්විය යුතු බව අපේ ජනතාවගේ ඉල්ලීමයි. ඉන්දීය ධීවරයන්ද මෙය තේරුම් ගත යුතුය. සමුද්‍ර සම්පත් ක්ෂය වීම ඉන්දීය ධීවරයන්ගේ ජීවනෝපාය ද විනාශයට පත් කිරීමට හේතු වෙනවා.“

“නමුත් ඉන්දියාවේ කරුණු වසන් කර අසත්‍ය ප්‍රචාර ගෙන යනවා.  ඉන්දීය ධීවරයින් ද තම ජීවනෝපාය සඳහා එම ව්‍යාපාරයේ නිරත වන බව මම දන්නවා. නමුත් මේ රටවල් දෙක අතර අත්සන් කොට ඇති අවබෝධතා ගිවිසුමේ සදහන් වන්නේ රටකට කිසිම ආකාරයක  හානියක් සිදු නොවන අන්දමට තම රටට අයත් මුහුදු කලාපයේ ධීවර කටයුතු වල නිරත වීමට පමණයි.“

“නමුත් දැන් එය එසේ වන්නේ නෑ. විශාල ප්‍රශ්නයක් බවට පත්ව ඇති ඉන්දීය ධීවරයින්ගේ ප්‍රශ්නය විසදා ගැනීමට වහාම රටවල් දෙකේම නියෝජිතයින් හමු වී ධීවර කටයුතු සම්බන්ධයෙන් ඇති අවබෝධතා ගිවිසුමේ  කරුණු ගැන යළි සාකච්ඡා කොට තීරණයක් ගත යුතුව තිබෙනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට පැවසීය.

Exit mobile version