ඉන්දියාව උත්තර දීම අරඹයි… ඉන්දීය මහකොමසාරිස් කාර්යල නාම පුවරුවෙන් සිංහල හලයි…

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නාම පුවරුවෙන් සිංහල භාෂාව ඉවත් කොට ඒ වෙණුවට ඊයේ ( 31 ) සිට හින්දි භාෂාව යොදා තිබේ.

මේ පිළිබදව එම කාර්යාලයෙන් විමසූ විට ඊට සාධාරණ හේතුවක් ප්‍රකාශ කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීය.

නමුත් යාපනයේ වැසියන් කියා සිටින්නේ යාපනයට පැමිණ සිටින චීන සමාගම් ඔවුන්ගේ නාම පුවරු වලින් සිංහල හා දෙමළ යන භාෂාවන් දෙකම ඉවත් කොට චීන භාෂාව පමණක් යෙදීමට පියවර ගන්නා අතරවාරයේ ඉන්දියාවද සිංහල භාෂාව ඉවත් කොට හින්දි භාෂාව යොදා ඇති බවයි.

Indian-High-Commition

Exit mobile version