ඉන්දියාවේ සුදු දඹ ගස් කිලිනොච්චියේ පක්ෂි අභය භූමියක් අසල

දිනසේන රතුගමගේ

ඉන්දියාවේ බටහිර ප්‍රදේශ වල ඉතා ප්‍රචලිත සුදුදඹ පළතුර කිළිනොච්චියේ ප්‍රදේශ කීපයක ව්‍යාප්තවෙමින් පවතින නමුත් එය ආරක්ෂා කරගැනීමට කිසිවෙකුත් පියවර ගෙන නොමැති බව යාපනය කයිතඩි සිද්ධායුර්වේද විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරු පෙන්වා දී තිබේ.

බොහෝ දෙනෙකු පළතුරක් වශයෙන් සුදුදඹ අනුභව කරණ නමුත් එහි ඇත්තේ ඉතා සුවිශේෂී හා විරල ඖෂධීය ගුණයක් බව පවසන ආයුර්වේද විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු සුදුදඹ වල අඩංගු එම ඖෂධීය තත්ත්වය ප්‍රයෝජනයට ගැනීමට මේ අවස්ථාවේදී අවධානය යොමු වියයුතුව ඇතැයිද සදහන් කරයි.


ඉතා අහම්බෙන් හා පුදුමාකාර ලෙස කිළිනොච්චියේ කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශය තුළ ස්ථාන කීපයක සුදුදඹ ගස් කීපයක් දක්නට ලැබෙන අතර මේ දිනවල ඒවායෙහි පල හට ගන්නා බවද ආයුර්වේද විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරු පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සුදුදඹ ගස් ඇති ප්‍රදේශය අසලම කිළිනොච්චිය සුණ්ඩිකුලම් පක්ෂී අභයභූමිය පිහිටා ඇති අතර ඉන්දියාවේ සිට මේ අභයභූමියට සංක්‍රමණය වන පක්ෂීන් මාර්ගයෙන් කිළිනොච්චියේ සුදුදඹ ගස් රෝපණය වන්නට ඇතැයි විශ්වාස කරයි.

Exit mobile version