ඉන්දියාවේ විශේෂ කඳවුරකින් නිදහස් කරන්නැයි ලාංකිකයන් 26ක් ඊයේ වස බීලා…

26 දෙනාම තිරච්චි රෝහලේ... දෙදෙනෙක් නිදි පෙති පානය කර බඩ කපා ගෙන....

දිනසේන රතුගමගේ –

ඉන්දියාවේ තිරිච්චි විශේෂ කඳවුරක රදවා සිටින ශ්‍රී ලංකාවේ දෙමළ සරණාගතයින් 71 දෙනෙකුගෙන් 26 දෙනෙකු  වස පානය කොට සියදිවි හානි කර ගැනීමට උත්සාහ කිරීම නිසා ඔවුන්ව තිරිච්චි රෝහල වෙත 21 දා ඇතුළත් කොට තිබේ.

මෙම කඳවුරේ විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා ඇත්තේ ඉන්දියාවේදී මත්ද්‍රව්‍ය ජාවරම්වලට සම්බන්ධ වූ ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයෝය.

රෝහල්ගත කර ඇති වස පානය කළ පිරිස

ඔවුන්ව මෙම විශේෂ රැඳවුම් කදවුරෙන් නිදහස් කරණ ලේ ඉල්ලා මීට මාසයකට පමණ ඉහතදී දියත් කළ උපවාසයකින් පසුව තිරිච්චි විශේෂ කදවුරේ රඳවා සිටි සරණාගතයින් 81 දෙනාගෙන් 10 දෙනෙකු නිදහස් කොට තිබේ.


ඉතිරි වී සිටින 71 දෙනා නිදහස් කරන ලෙස ඉල්ලමින් මීට පෙර සරණාගතයින් දෙදෙනෙකු නිදි පෙති පානය කොට ඔවුන්ගේ උදර තුවාල කරගෙන සිය දිවි හානි කර ගැනීමට උත්සහ කළ අතර ඔවුන් දෙදෙනාද මේ වන විට තිරිච්චි රෝහලේ ප්‍රතිකාර ලබයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වස පානය කොට මියයාමට උත්සාහ කළ සරණාගතයින් 26 දෙනාද එම රෝහලටම ඇතුළත් කොට ඇති අතර තිරිච්චි පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version