ඉන්දියාවේ කළු දිලීර ආසාදනය වූවන් 4300ක් මරුට

ඉන්දියාව තුල පසුගිය කාලය තුල කළු දිලීර අසාදනය වූ පුද්ගලයින් 4300 දෙනෙකු මරණයට පවත්ව තිබේ.

කළු දිලීර අසාදනය වූවන් 45374 දෙනෙකු පිළිබඳ ඉන්දියාවෙන් වාර්තා වන බව ඉන්දීය රජය ප්‍රකාශ කරයි.

ඉතා දුර්ලභ ඝනයේ ආසදනය වීමක් වන මෙය වෛද්‍ය විද්‍යාවට අනුව මියුකොමයිකොසිස් යනුනේ හඳුන්වනු ලබයි.


මෙම ආසදනය ඉන්දියාවේ කොරෝනා වෛරසය ආසදනය වූ සහ ආසාදනය වී සුව වූ පුද්ගලයින් අතර ඉතා සීඝ්‍රයෙන් පැතිරයමින් පවතී.

මෙම දිලීර ආසාදනයෙන් නාසය, ඇස් සහ ඇතැම් අවස්ථාවන්හිදී මොලයට බලපෑම් ඇති කරන අතර කොරෝනා අසාදනයවී සුව වී දින 12ත් 18ත් අතර කාලයකදී මෙම දිලීරි ආසාදනයේ බලපැම් ඇති කිරීම සිදුවේ.

වෛද්‍යවරුන් පවසන පරිදි කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීමට ලබාදෙන ශාරීරික උත්තේජක ඖෂද ලබාගත් පිරිස් සහ දියවැඩියාවෙන් පෙළෙන කොරෝනා ආසාදනය වූවන්ට කළු දිලීර ආසාදනය වීමේ දැඩි ප්‍රවනතාවයක් පවතී.

ඉන්දියාවේ මහාරාෂ්ඨ සහ ගුජරාට් ප්‍රාන්ත වලට මෙම දිලීර ආසාදනයෙන් වැඩි වශයෙන්ම බලපෑමට ලක්ව ඇත. ඒ අනුව අදාල ප්‍රාන්ත දෙකෙහි පමණක් දිලීර ආසාදනය වීමෙන් පුද්ගලයින් 1785ක් මරණයට පත්ව තිබේ.

බැංගලෝර් හී අක්ෂි ශෙල්‍ය වෛද්‍යවරයෙකු වන රගුරාජ් හෙග්ඩේ පවසන අන්දමට මෙම දිලීර ආසදනයෙන් මරණයට පත්වූ සෑබෑ සංඛ්‍යාව මීට වඩා ඉහළ යාමට ඉඩ පවතින බවයි.

ඇතැම් දුෂ්කර ප්‍රදේශවල මෙම දිලීර ආසාදනයෙන් මරණයට පත්වව පුද්ගලයින් පිළිබඳ වාර්තා වීම සිදුනොවන බවටද ඔහු පෙන්වාදෙයි.

මෙම දිලීර ආසාදනය වූ බොහෝ පුද්ගලයින් රෝහල් ගතවීටමත් පෙර මරණයට පත්වන බවද වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කළු දිලීර හෙවත් මියුකොමයිකොසිස් යනු ඉතාම දුර්ලභ ආසාදනයකි. විශේෂයෙන්ම පස්, ශාක වර්ග, පොහොර සහ නරක්වූ පළතුරු හා එළවළු වල මෙම දිලීරය බහුලව දැක ගන්න අවස්ථාව ලැබේ.

Exit mobile version