ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය හිතුවාට වඩා වේගවත් – ලෝක බැංකුව

world bank

ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධන වේගය 6.5 සිට 2022-23 වර්ෂය සඳහා 6.9ක් දක්වා සංශෝදනය වූ බව ද , ගෝලීය කම්පනය ඉහළ ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කරමින් සිටින බව ද ලෝක බැංකුව සඳහන් කරයි.

එහි නවතම ඉන්දීය සංවර්ධන යාවත්කාලීනයේදී, ලෝක බැංකුව කියා සිටියේ, ඉන්දියානු ආර්ථිකයේ ඉහළ ප්‍රතිරෝධය සහ අපේක්ෂිත දෙවන කාර්තුවේ සංඛ්‍යා වඩා හොඳ නිසා මෙම ගෝලීය කම්පනවලට ඔරෝතතු දීමේ හැකියාව නිසාත් ජීඩිපී අගය සංශෝධනය වූ බවයි.

කොවිඩ් වසංගතය හා යුක්රේන රුසියා යුද්ධය සමඟ සංවර්ධන වේගයේ පහළ වැටීමක් පෙන්නුම් කළ ද සැප්තැම්බර් කාර්තුව වන විට ආර්ථිකයේ වර්ධනය සීයට 6.3ක් දක්වා වැඩි වී තිබිණි. එය ජූනි කාර්තුව හා සංසන්දනය කරන විට 13.5ක වැඩි වීමකි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විවිධ ආකාරවලින් දළ දේශීය නිෂ්පාදනය වර්ධනය කර ගත් ඉන්දියාව මේ වන විට ලෝකයේ ශක්තිමත් ජීඩිපී වර්ධන වේගයට උරුමකම් කියමින් වේගවත්ම ආර්ථික වර්ධනයට හිමි රටක් බවට පත් වී තිබේ.

Exit mobile version