ඉන්දියාවෙන් ලංකාවට පනින අය අල්ලන්න නාවික හමුදාවෙන් විශේෂ මෙහෙයුම්…

දිනසේන රතුගමගේ –

ඉන්දියාවේ කොරෝනා වුවදුර වැඩිවීමත් සමගම ධීවර බෝට්ටුවල ආධාරයෙන්  ශ්‍රී ලංකාවට පලා එන ඉන්දීය ජාතිකයින් අත් අඩංගුවට ගැනීම සදහා උතුරු නාවික විධානය විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කොට තිබේ.

උතුරු නාවික විධානයේ නිලධාරීන් පැවසුවේ දිවා රාත්‍රී දෙකෙහිම මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කොට ඇති බවයි.

ඉන්දීය ධීවරයින්ගේ ආධාර මත පමණක් නොව උතුරේ ධීවරයින්ගේ ආධාර ඇතිව ද ඉන්දීය ජාතිකයින් ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින්  සිටින බවටත් මන්නාරම හා පේසාලේ ප්‍රදේශ වල ධීවරයින්ට මෙම එක් ගමනක් වෙණුවෙන්  රුපියල් 20000 ත් 30000 ත් අතර මුදලක් ලබා දීමට ඉන්දීය ජාතිකයින් කැමැත්ත පල කොට ඇති බවටත් උතුරේ ආරක්ෂක අංශ වලට තොරතුරු ලැබී තිබේ.


මේ තත්ත්වය නිසා නාවික හමුදාව උතුරේ ධීවරයින්ට උපදෙස් දී ඇත්තේ කිසිදු හේතුවක් මත තම බෝට්ටුවලට ඉන්දීය ජාතිකයින් හෝ වෙනත් පුද්ගලයින් නංවා ගැනීමෙන් වළකින ලෙසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුහුදේ අතරමංවූ කිසියම් කෙනෙකු ආධාර උපකාර හෝ උදව් ඉල්ලා සිටින්නේ නම් වහාම ඒ පිළිබදව නාවික හමුදාව දැනුවත් කරණ ලෙසටද නාවික හමුදාව උතුරේ ධීවරයින්ට දැණුම් දී තිබේ.

Exit mobile version