යොහානි ද සිල්වා අද අපේ රටේ ජනප්‍රිය සංගීත ක්ෂේත්රයේ දැවැන්ත ලකුණක් තැබුවාය.
ලංකාවේ ජනගහණය කිරි සප්පයාගේ සිට බැලුවත් කෝටි දෙකකි. එහෙත් ඇය ගයනා කරන ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ‘යූටියුබ්’ සමාජ මාධ්‍ය ජලයේ පරිශිලකයන් ගණන කෝටි 10 අද (11) පස්වරුවේ පසු කළේය.
‘මැණිකේ මාගේ හිතේ’ ගීතය අද (11) පස්වරු 6.00 වන විට දසකෝටි හාරලක්ෂ තිස්දහස (100,430,000) ඉක්මවා නරඹා තිබුණි.
මේ ගීතය පුදුමාකාර විදිහට ලෝකයේ සංගීත රසිකයන් වැළඳ ගත්තේය. මේ තරම් දුරක් දැවැන්ත ප්‍රතිචාර සහිතව යූ ටියුබ් මාධ්‍ය ඔස්සේ මතුවුණු මුල්ම ශ්‍රී ලාංකේය ගායකයා හෝ ගායිකාව ඇය ය. යොහානිගේ මැණිකේ මගෙ හිතේ ගීතය පසුගිය අගෝස් මස 23 වැනිදා කෝටි 5 සම්පූර්ණ කළේය.
අමිතාබ්භච්චන් ඔහුගේ ට්විටර් ගිනුමේ තැබූ සටහන ඉන්දීය රසිකයන්ගේ කුතුහලය මතු කර තිබිණි. ඉන්දියාව තුළ ඇය තරුවක් ලෙසින් බබලමින් හිඳීම මේ තරම් දැවැන්ත ප්‍රතිචාරයක් ලැබීමට හේතුව වී තිබිණි.
කොළඹ විශාඛා විද්‍යාලයීය ආදිශිෂ්‍යාවක් මෙන්ම එංගලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ දි කළමනාකරණය පිළිබඳ උපාධියක් හා පශ්චාත් උපාධියක් සහිතව සිවිඥානිකව සංගීත ක්ෂේත්රයට පිළිපන් ඇය අප කවුරුත් එක හෙළා ගරු කරන ගෞරවනීය හමුදා නායකයෙක් වූ මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වාගේ දියණිය.