සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවට ග්‍රිඩ් එක අරින්නේ පුනර්ජනනී බලශක්තිය නිපදවලා අතිරික්තය අපනයනය කරන්න…

by editor
දෙසැම්බර් 20, 2024
in පුවත්
the-electric-
Share on FacebookShare on Twitter

ඉන්දියාව හා අපේ විදුලි පද්ධතිය සම්බන්ධ වන්නේ ඉන්දියාවට බලශක්ති ඒකාධිකාරිය ලබා දීමට නොව, අප විසින් පුනර්ජනනී බලශක්තිය ලෙස නිශ්පාදනය කිරීමට බලාපොරොත්තුවන බලශක්තියේ අතිරික්තය ඉන්දියා හරහා බිම්ස්ටෙක් රටවලට අපනයනය කිරීමට බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය   විජිත හේරත් අද (20) පැවසුවේය.

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය සම්බන්ධව ජනතාව දැනුම්වත් කිරීම සඳහා පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී මේ කරුණු දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ එය රට පාවා දෙන එකඟ තාවයක් නොවන බවය. එමෙන්ම මේ වනවිට ඉන්දීය සමාගමක් විදුලිබල මණ්ඩලය සමග ගිවිසුම් අත්සන් කර ක්‍රියාත්මක කරමින් ඇති සාම්පූර් සූර්ය විදුලිබල ව්‍යාපෘතිය දිගටම පවත්වා ගැනීමට රජය එකඟ වූ බව ද ඇමතිවරයා පැවසුවේය.

ඇමතිවරයා ඒ සම්බන්ධව පැහැදිලි කළේ මෙසේය

විශේෂයෙන්ම රටවල් දෙක අතර බලශක්තිය ගැන ව්‍යාපෘති ගණනාවක් යෝජනා වෙලා තියනවා. ඒ වගේම ඒ යෝජනාවල විවිධ තාක්ෂණික ගැටලු මතු වී තිබෙනවා. ඒ බලශක්ති ගැටලු මතු වූ තැන්වලදි මූලික වශයෙන් ප්‍රතිපත්තිමය එකඟතා මත සාකච්ඡා පැවැත්තුවා.

එහිදී සාම්පුර්වල දැනටමත් එකඟවෙලා තියන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න එකඟතාවය පල කළා. දැනටමත් ලංකාවේ විදුලිබල මණ්ඩලය සහ ඉන්දියානු සමාගමක් ගිවිසුම් අත්සන් කරලා ඒ අනුව ඉදිරියට යන ව්‍යාපෘතියක්.

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ඒ ව්‍යාපෘතිය හරහා සූර්ය බලශක්තිය ලැබෙනවා. ඒ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න අප එකඟතාවය පල කළා.

ඒ වගේම LMG ලබා ගැනීම පිළිබඳවත්,  දෙරට අතර සුළං විදුලිය ක්‍රියාත්මක කිරීම ගැනත් සාකච්ඡා කරන්න අපි එකඟතාවය පළ කළා.

විශේෂයෙන්ම අපේ රටට තියනවා සූර්ය බල ශක්තිය. සුළං බල ශක්තිය. එය ස්වභාවිකව අපට ලැබුන සම්පතක්. ඒක ප්‍රයෝජනයට අරගෙන අප හරියට විදුලි ජනනය කළොත් අපේ රටේ අවශ්‍යතාවයට වඩා අතිරික්තයක් අපට නිශ්පාදනය කරන්න පුලුවන්. අතිරික්තය අප අපනයනය කරන්න ඕන. අපනයනයේ දී අපට ඉන්දියාවත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා.

මොකද ඉන්දියාව හරහා තමයි ඉන්දියාවට සහ අනෙකුත් රටවලට විදුලිය අපනයනය කිරීමේ හැකියාව තියෙන්නේ. ඒ නිසා බිම්ස්ටෙක් ආර්ථික සහයෝගීතාවය ආර්ථික තාක්ෂණික සහයෝගීතාවය මත අප නිශ්පාදනය කරන අතිරික්ත බලශක්තිය අපනයනය සඳහා කළ සාකච්ඡා ඉදිරියට ගෙනියන්න අපි එකඟතාවය පල කළා.

ඒක කිස‍ිසේත්ම අපේ රට පාවාදීමක් හෝ අපේ රටට හානි දායක දෙයක් නෙමෙයි. ඒක ප්‍රතිපත්තියක් ලෙස අපට එකඟ වෙන්න පුලුවන් කාරණාවක්. රටේ ජනතාවත් ඒක හොඳින් තේරුම් අරන් තියනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ වසරේ  ගෙවන්න ඇති රාජ්‍ය ණය ප්‍රමාණය ට්‍රිලියන 28.56 යි… ණයේ තරම තේරුම් ගන්න පොඩි කතාවක් මෙන්න!

Next Post

ඉන්දියාවෙන් තෙල් නල එලන ගිවිසුමකට අත්සන් කළේ නෑ… එකඟවූ සාකච්ඡා ගැන විජිත කියයි!

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.