ඉන්දියාවට ඔක්සිජන් ගන්න ධනපතියකුගෙන් ඩොලර් කෝටියක්

ඉන්දියානු සම්භවයක් සහිත ඇමෙරිකානු ධනපතියකු වන විනෝද් කොෂ්ලා ඉන්දියාවේ පවතින දැවන්ත ඔක්සිජන් අර්බුදය විසඳීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 10ක් ලබා දීමට පොරොන්දු වී ඇත. සන් මයික්‍රො සිස්ටම්ස් තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වන විනෝද් කොෂ්ලා මීට පෙරද ඉන්දියාවේ කොවිඩ් වසංගතය හමුවේ රෝගීන් මුහුණ දී තිබෙන ඔක්සිජන් හිගය සපුරාලීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කර ඇති අතර ඔහු ට්විටර් පනිවිඩයක් මඟින් ඊයේ දැනුම් දී ඇත්තේ කොෂ්ලා පවුල මේ අර්බුදය වෙනුවෙන් ලබා දෙන මුදල ඩොලර් මිලියන 10ක් දක්වා වැඩ කරන  බවට පොරොන්දු  වන බවය.

මේ මොහොතේ ජීවත් වීම සඳහා හුස්ම ගැනීම සම්බන්ධ දැඩි අරගලයක යෙදී සිටින රෝගීන් අතරින් 08 දෙනකු සෑම රෝහලකම මිය යන බව පෙන්වා දෙන ඔහු තවදුරටත් පවසන්නේ තමන් ගත් ආදර්ශමත් පියවර අනුගමනය කරමින් තවත් දානපතියන් මේ මානුෂික කාර්යයට  මේ මොහොතේ දායකත්වයක් දක්වනු ඇතයි බලාපොරොත්තු වන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සන් මයික්‍රෝසිස්ටම්ස් සමාගමේ විනෝද් කොෂ්ලා ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු විසින් 1982දී ආරම්භ කරන ලද අතර එය 2009  වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 5.6කට ඔරකල් සමාගමට විකුණා දමන ලදී.


Exit mobile version