ඉදිරිය ගැන හිතලා විදුලිය කපන්න අවසර ගත්තට හෙට අනිද්දාට කැපෙන්නෙ නෑ… ලංවිම කියයි…

power-cut

අවශ්‍ය ඉන්ධන නොලැබෙන්නේ නම් හෙට සිට දෛනිකව පැය දෙක හමාරක විදුලිය කප්පාදුවක් සඳහා    මහජන උපයෝගීතා කොමිසමෙන්  අවසර ගත් නමුත් විදුලි කප්පාදුවක් හෙට සිට සිදුකිරීමේ අවශ්‍යතාවයක් නැතැයි විදුලිබල මණ්ඩලයේ සමාන්‍යාධිකාරී එම්.ආර්. රණතුංග පවසයි.

මේ වනවිට විදුලි නිශ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන අඩුවකින් තොරව ලැබෙමින් පවතින බැවින් විදුලි නිශ්පාදනයේ ගැටලුවක් මේ මොහොතේ පැන නැගී නැති නමුත් ඉදිරියේ දී ඇතිවිය හැකි තත්වයන් සලකා බලා මෙම තීන්දුව ගත් බව සාමාන්‍යාධිකාරීවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අවශ්‍යතාවයක් ඇතිවුවහොත් දිගටම විදුලි කප්පාදුවක් සඳහා යෑමට සිදුවන බවත් සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේය.


Exit mobile version