ඇෆ්ගනිස්තානයේ සිටින ශ්‍රි ලාංකිකයන් ගැන අලුත්ම තොරතුරු කියයි

ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින ශ්‍රි ලාංකිකයන් 66 දෙනකු මේ වනවිට මෙරටට ගෙන්වා ගෙන ඇති බවත් තවත් 06 දෙනකු මුදා ගැනීමට සිටින බවත් විදේශ අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානයේ ප්‍රවණතා පිළිබඳව අඛණ්ඩව නිරීක්ෂණය කරන අතර, මානුෂීය අංශය ඇතුළුව එහි පවතින තත්වය පිළිබඳව සැලකිල්ලෙන් පසුවෙයි.

ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහය ඇතිව ඇෆ්ගනිස්ථානයෙන් සිය පුරවැසියන් ඉවත් කර ගැනීම සඳහා පහසුකම් සැලසීය. 2021 අගෝස්තු 30 දින වන විට, ශ්‍රී ලාංකිකයන් හැට හය දෙනෙකු (66) ඉවත් කරගෙන, තවත් සත් දෙනෙකු (7) ඉවත් කර ගැනීම සඳහා ඉතිරිව සිටින අතර, ශ්‍රී ලාංකිකයින් විසි දෙදෙනෙකු (21) දැනට ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටීමට තීරණය කොට ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගමන් කිරීම සඳහා අවසරය ලැබී ඇති සියළුම දෙනාට ආරක්ෂිතව හා විධිමත් ලෙස පිටවීමේ ස්ථානය දක්වා ගමන් කිරීමට සහ ඇෆ්ගනිස්ථානයෙන් පිටත් වීම සඳහා අවසර දෙනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

Exit mobile version