ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව පමණක් ගත් අයට වෙන දේ ආචාර්ය චන්දිම ජීවන්දර කියයි…

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පලමු මාත්‍රාව පමණක් ගත් අයට ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සදහා ශරීරය තුල පවතිනුයේ සියය 33ක ප්‍රතිශක්තියක් යැයි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මික සහ ප්‍රතිශක්ති විද්‍යා සහ ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර සදහන් කරයි.

මෙම එන්නත මගින් ශරීරයේ කොතරම් ප්‍රතිශක්තියක් ගොඩනැගෙන්නේද යන්න පිලිබදව පර්යේෂණ දෙකක සිදුළ බව අධ්‍යක්ෂවරයා පැවසීය. ‍ 

එක් පර්යේෂණයක් වූයේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් 655 තෝරාගෙන ඔවුන්ගේ නියැදියන් පරික්ෂාවට ලක්කිරීමය. මෙහිදී ප්‍රතිදේහ නිර්මාණය සියයට 93.4ක් හා කාර්යාක්ෂම ප්‍රතිදේහ සියයට 97.1ක් වර්ධනය වි තිබුණ බව පෙනී ගිය බව ඔහු පෙන්වාදේ.


ඇස්ට්‍රාසෙනිකා . එන්නත නිෂ්පාදකයවා විසින් පවසා ඇත්තේ පලමු එන්නත් මාත්‍රාව ලබාගෙන සති 8 -12 අතර කාලයේදී දී දෙවන එන්නත් මාත්‍රාව ලබා ගත යුතු බවය. එහෙත් ‌පළමු මාත්‍රාව ලබා ගත් බොහෝ පිරිසකට සති 16ක් ගත වී ගියද දෙවන මාත්‍රාව ලබා ගැනීමට නොහැකි විය.

මේ අනුව පළමු මාත්‍රාව ලබාගත් නමුත් සති 16ක කාලයක් ඉක්ම ගියද දෙවන මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයින් 553 දෙනෙකු යොදා ගනිමින් දෙවන පර්යේෂණ ආරම්භ කළේය.

මොවුන්ගේ ශරීරයේ සියයට 93.4ක ප්‍රතිදේහ ප්‍රමාණයක් වර්ධනය වී තිබූ නමුත් කාර්යක්ෂමතා ප්‍රතිදේහ ප්‍රමාණය සියයට 26න් අඩුවී තිබුණි. කෙසේ නමුත් ශරීරය තුළ පවතින මතක සෛලයන් මගින් දෙවන මාත්‍රාව ලැබුණු සැනින්ම ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට හැකිවන බව මෙන්ම ශරීරයේ පවතින මතක සෛලයන් තුළ මනා කාර්යක්ෂමතාවක් පවතින බවද ඔහු පෙන්වාදේ.

එන්නත් match and mix ක්‍රමය යටතේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් අයට දෙවන මාත්‍රාවලෙස සයිනොෆාම් එන්නත ලබා ගත හැකිද?

මෙහිදී match and mix කියන ක්‍රමවේදය තුළ ඇස්ට්‍රාසෙනිකා සහ ෆයිසර් කියන එන්නත් මිශ්‍රකරලා ලබා දීමෙන් සාර්ථක ප්‍රතිදේහ නිපදවීමක් සිදුවෙන බව විශේෂඥයින් විසින් සොයා ගත් නමුත් සයිනෝෆාම් සහ ඇස්ට්‍රාසෙනිකා මිශ්‍රකිරීමේ පර්යේෂණයන් මෙතෙක් කිසිම රටක සිදුකර නොමැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එන්නත් දෙකක් මිශ්‍රකර පුද්ගලයෙකුට ලබා දීම තුල සිදුවිය යුත්තේ එම පුද්ගලයාට ආරක්ෂාවය. නමුත් මෙම එන්නත් දෙක මිශ්‍ර කිරීමෙන් එවැනි ආරක්ෂාවක් ලැබෙන බව මෙතෙක් තහවුරු වී නොමැත.

Exit mobile version