ඇවන්ගාඩ් අවි ගබඩා නඩුවෙන් සේනාධිපති නිදොස් කොට නිදහස්

Avant guard

ගාල්ල වරාය ආශ්‍රිත ව පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේ විභාග වූ නඩුවෙන් ඇවන්ට් ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු සැකකරුවන් අට දෙනකු අද (20) නිදොස් කොට නිදහස් කරන ලදී.

චෝදනා 19ක් යටතේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද මෙම නඩුවේ තීන්දුව ලබා දෙමින් මහාධිකරණ විනිසුරුවරුන් වන මංජුල තිලකරත්න, ආදිත්‍ය පටබැඳිගේ සහ මහේන් වීරමන් යන විනිසුරන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම ගිනි අවි ගබඩාව සම්බන්ධනේ ගොනු කරන ලද ඇතැම් චෝදනා නීතිපතිවරයා විසින් ඉවත් කරගෙන තිබූ අතර සැකකරුවන් විසින් සිදු කරන ලද ක්‍රියාවන් ශ්‍රි ලංකාවේ නීතියට අනුගත වන බැවින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට පියවර ගත් බව නඩු තීන්දුවේදී ප්‍රකාශයට පත්ව ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම නඩුවට නිතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජානක බණ්ඩාර මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන සම්පත් මෙන්ඩිස්, කුවේර ද සෙයියා, අජිත් පතිරණ ඇතුලු නීතීඥයන් කිහිප දෙනෙක් පෙනී සිටියහ.

Exit mobile version