ඇමෙරිකානු තානාපති නිලධාරියා නිසා පරීක්ෂණ පිළිවෙත් වහා සංශෝධනයට  

පැය 72ක් ඇතුළත වාර්තාවක් නැත්නම් විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ගුවන් තොටේ දී අනිවාර්ය පීසීආර් පරීක්ෂාවක

ශ්‍රී ලංකාවට ඇතුළු වන විදේශීය තානාපති නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට අදාළ ක්‍රියා පටිපාටි වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇත.

ඒ අනුව අදාළ බලධාරීන් එම සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් විසින් අදාළ රටවලින් පිටත්ව යාමට පැය 72 ක්ව ඇතුළත ලබාගත් PCR පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වේ. යම් හෙයකින් ඔවුන්ට අදාළ PCR පරීක්ෂණ වාර්තා ලබා දීමට නොහැකි නම්, ඔවුන් කටුනායක ගුවන් තොටුපළේ දී අනිවාර්ය PCR පරීක්ෂණයකට යොමු කරන  බව  විදේශ අමාත්‍යාංශ ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවට ඇතුළු වන රාජ්‍ය තාන්ත්‍රිකයන් සඳහා කළ යුතු PCR පරීක්ෂණ සහ නිරෝධායන ක්‍රියා පටිපාටි පිළිබඳ සංශෝධිත උපදෙස් පිළිබඳව තීරණය  2020 ජුනි 4 වැනි දින ජනාධිපති ලේකම්  කාර්යාලය විසින් නිකුත් කරන ලද අතර එම උපදෙස් කොළඹ පිහිටි සියලු ම රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල, එක්සත් ජාතීන්ගේ නියෝජිත කාර්යාල සහ එහි විදේශිය නියෝජිතායතන, රාජ්‍ය තාන්ත්‍රික සංවිධාන ඇතුළු අදාළ ආයතන වෙත දැනුම් දීමට විදේශ සබඳතා අමාත්‍යාංශය ඊයේ (05) වහාම පියවර ගෙන ඇත. 


කොවිඩ් 19 වසංගත තත්වයන් පසුව පසුගිය 04 වැනිදා ශ්‍රි ලංකාවට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු කටුනායක ගුවන් තොටුපළේ දී තම තානාපති වරප්‍රසාද භාවිත කරමින් පී.සී ආර් පරීක්ෂණය සිදු කිරීම ප්‍රතිෂේප කිරීමේ සිදුවීමෙන් පසුව මෙම සංශෝධන සිදු කිරීමට තිරණ කෙරුණු බව මේ පිළිබඳව ඩේලි මිරර් පුවත් පතට ප්‍රකාශයක් ලබා දෙමින් වි‍දේශ සබඳතා පිළිබඳව ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයන්ත කොලඹගේ ප්‍රකාශ කර තිබිණි.

මීට අමතරව  රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ඇතුළු වීමට/නැවත පිටීමට නියමිතව සිටින රාජ්‍යතාන්ත්‍රිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් පිළිබඳ තොරතුරු ඔවුන්ගේ පිටත්වීම්වලට පැය 48කට පෙර අදාළ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල විසින් විදේශ සබඳතා අමාත්‍යංශයට වාචික සටහනක් (Note Verbal) මගින්  කල් තබා දැනුම් දිය යුතුවේ

දූත මණ්ඩල ප්‍රධානීන් සහ පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ නිල නිවාසවල දී ස්වයං නිරෝධායනයට ලක්ව විය යුතුය. පැමිණෙන අනෙකුත් සියලුම රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට වෙන් වෙන් වශයෙන් නිවාස නොමැති නම්  දූත මණ්ඩල ප්‍රධානීන් සමඟ වූ  එකඟතාවට හා අධීක්ෂණයට යටත්ව දින 14 කාලයක් සඳහා ශ්‍රී ලංකා රජය විසින් නිර්දේශ කරනු  ලබන හෝටලයක නිරෝධායනය විය යුතුය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම දින 14ක නිරෝධායනය අවසන් වූ වහාම ඒ බව රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල/නියෝජිතයින් විසින් විදේශ සබඳතා අමාත්‍යාංශයට දැනුම් දිය යුතු වන අතර  නව කොරෝනා  වෛරස වසංගතය පැතිරීම පාලනය කිරීමට සහ වැළැක්වීම සඳහා දූත මණ්ඩලය විසින් ගනු ලැබූ ක්‍රියා මාර්ගයන්ට අනුව, එම නිලධාරියා දූත මණ්ඩල සේවය නැවත ආරම්භ කිරීමට පෙර දූත මණ්ඩලය මඟින් සිදු කෙරෙන ‍දෙවැනි PCR පරීක්ෂණ වාර්තාව ද ඉදිරිපත් කළ යුතුය.

Exit mobile version