ඇමරිකානු ජනාධිපතිගෙන් සම්මාන ලබන ශ්‍රී ලාංකික නාවිකයා…

Vishwa-Fonseka

විශ්ව ෆොන්සේකා ඇමරිකානු ජනාධිපතිවරයා අතින් උපාධිය ලබමින්..

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇමරිකානු වෙරළාරක්ෂක ඇකඩමියේ සමුද්‍රීය වාස්තුවිද්‍යා සහ සමුද්‍රීය ඉංජිනේරු ගෞරව උපාධිය ලබා ගැනීමට ශ්‍රී ලාංකික නාවික හමුදාවේ උප ලුතිනන්වරයෙකුවන විශ්ව ෆොන්සේකා සමත් විය.

ඔහු සිය උපාධිය ලබාගත්තේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතිනි.
වර්ෂ 2015 ජූනි මස 03 දා ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වූ ඔහු මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකි.

ඇමෙරිකාවේ කනෙක්ටිකට් හි නිව් ලන්ඩන් හි එක්සත් ජනපද වෙරළාරක්‍ෂක ඇකඩමියේ උපාධි ප්‍රධානෝත්සවය ඉකුත් 19 වැනිදා ඇමෙරිකා ජනාපධිපතිගේ ප්‍රදානත්වයෙන් පැවත්වූ අතර එහි ප්‍රධාන දේශනයද ඇමරිකා ජනාධිපතිවරයා විසින් පවත්වනු ලැබීය.

Exit mobile version